හෙට පාසල් නිවාඩු

953

මෙම වසරේ දෙවැනි පාසල් වාර අවසන් කිරීම හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.2022 වසරේ දෙවන පාසල් වාරය අදින් (01) අවසන් වන අතර තෙවන පාසල් වාරය ලබන 05 වන සඳුදා දිනයේ ආරම්භ කිරීමට නියමිතය.අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව හෙට දිනය රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවය.තෙවන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 05 වන දින සිට 22 වන දින දක්වා පැවැත්වෙන අතර නත්තල් උත්සවය හේතුවෙන් දෙසැම්බර් මස 23 වන දින සිට ජනවාරි මස පළමු වන දින දක්වා යළි පාසල් සඳහා නිවාඩු ලබාදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment