හෙට ප‍්‍රදේශ කිහිපයකට වතුර කපයි

155

බියගම, දෙල්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට පෙරවරු 10.00 සිට පස්වරු 10.00 දක්වා පැය 12 ක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

එසේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ සියඹලා⁣පෙ වත්ත බියගම,දෙල්ගොඩ,උඩුපිල-අකුරුමුල්ල,කෑරගල,දෙමළගම,කදුබොඩ,දෙකටන,පැළහැළ,ඉන්දොලමුල්ල,දොම්පේ,නාරංවල,වැලිවේරිය හා රතුපස්වල යන ප්‍රදේශ බව එම මණ්ඩලය සඳහන් කරයි.

කැලණිය,මුදුන්ගොඩ නව නුවර පාර මාර්ගයේ ජලනල පද්ධතියේ වැඩි දියුණු කිරිමක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවිමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment