හෙට රජයේ නිවාඩු දිනයක් නොවෙයි

401

නත්තල් දිනය (25 දා) නිවාඩු දිනයක් නිසා ඊට පෙර දින (24 දා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර නැතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පැවසීය.

නත්තල් දිනය සෙනසුරාදා දිනයේ යෙදී තිබීම නිසා ඇතැම් පිරිස් විසින් ඊට පෙර දින (24 දා) රජයේ නිවාඩු දිනයක් බවට ප‍්‍රකාශ කර ඇතැයි සිදුකරන ප‍්‍රකාශ සත්‍යයෙන් තොර බව ද ලේකම්වරයා කීය රාජ්‍ය සේවකයන් ද රටේ කොවිඞ් වසංගතය හමුවේ මාස ගණන් නිවෙස්වල රැඳී සිටි බවත් දැනට ද රාජ්‍ය සේවකයන් කැඳවීම් කර තිබෙන්නේ අංශ ප‍්‍රධානියා පෙන්වා දෙන රාජකාරි අවශ්‍යතාවය මත පමණක් බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment