හෙට රජයේ විධායක නිලධාරීනුත් වැඩ වරයි

259

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් දියත් කරනු ලබන වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවල පළමු පියවර ලෙස හෙට (28) දින එක් දින සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණවීමට එම ඒකාබද්ද කමිටුව නියෝජනය කරන සියලූම සංගම් තීරණය කර ඇත.
මේ අනුව රජයේ දීප ව්‍යාප්ත සේවා හා සමාන්තර සේවාවන් 18 කට අයත් 45000 කට ආසන්න විධායක නිලධාරීන් අද දිනයේ සංකේත වැඩ වර්ජනයකට එක්වනු ඇත.
විශේෂයෙන් ම රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව, රජයේ විද්‍යාත්මක නිලධාරීන්ගේ සංගමය, ක‍්‍රම සම්පාදන සේවා සංගමය, අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමය, කෘෂිකර්ම සේවාවේ වෘත්තීය සමිති එකමුතුව හා රජයේ මිනින්දෝරු සේවා සංගමය ඇතුළු සංගම් 18 ක් මෙම වැඩ වර්ජනය සඳහා එක්වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment