හෙට රට අරී

154

දැනට දිවයින පුරා කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරිනීතිය හෙට (01 දා) අලූයම 4.00 ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (29 දා) පැවසීය.

ඒ අනුව දින 41 ක් පුරා කි‍්‍රයාත්මක වූ එම ඇඳිරිනීතිය ඉවත් වුවද පළාත් අතර සංචරණ සීමා පැනවීම හෝ අනෙකුත් මාර්ගෝපදේශ සම්බන්ධයෙන් අද දැනුම් දෙන බවද හෙතෙම සඳහන් කළේය. පවතින කොවිඞ් ව්‍යාප්තියෙහි ශීඝ‍්‍ර අඩුවීමක් මේ වනවිට පෙන්නුම් කරමින් පවතින බැවින් සෞඛ්‍ය අංශ නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් රට නැවත සාමාන්‍ය තත්ත්වයට විවෘත කළ බවද දැනට අනුගමනය කරන සියලූම යහපත් සෞඛ්‍ය පුරුදු එලෙසම පවත්වා

ගැනීම කළ යුතු යැයි ද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment