හෙට විදුලිය කැපීම පැය 7 පනී

294


විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට A සිට L’ දක්වා කලාප 12 ට පැය 7 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

P සිට W දක්වා කලාප අටකට හෙට පැය 7 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

A සිට L කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැය 2 යි විනාඩි 30 ක් ද විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

P සිට W දක්වා කලාප අටට පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද පස්වරු 6.30 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැය 2 යි විනාඩි 15 ක් ද විදුලිය කප්පාදු කරන බව ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment