හෙට ශිෂ්‍යත්වයට පෙර අසනීප වුවහොත්

126


හෙට පැවැත්වෙන පහ වසර ශිෂ්‍යත්ව විභායට පෙනී සිටින කිසියම් හෝ දරුවකුට විභාගයට පෙර කිසියම් රෝගී තත්ත්වයක් මතු වුවහොත් ඔවුන් සඳහා දිවයින පුරා කලාප මට්ටමින් විශේෂ විභාග මධ්‍යස්ථානයක් බැගින් මධ්‍යස්ථාන 108ක් පිහිටුවා ඇතැයි විභාග කොමසාරිස් එම්.එල්.ඩී ධර්මසේන මහතා පවසයි.එසේම කොවිඩ් ආසාදිිතවහෝ නිරෝධායන වන දරුවන් සඳහා අධ්‍යාපන කොට්ඨාශ කළාප හතරකට එක බැගින් විශේෂ මධ්‍යස්ථාන පිහිටුවා ඇතැයිද සඳහන් කරයි .ඒ සඳහා තම පාසලේ විදුහල්පතිවරයා වෙතින් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවද විභාග කොමසාරිස්වරයා පවසයි. එහිදී ළගම ඇති විශේෂ මධ්‍යස්ථානයට යා හැකි බවද සඳහන් කරයි.සියලු විභාග මධ්‍යස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක‍්‍රියාත්මක වන බවද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment