හෙට සජබ උද්ඝෝෂණ වළක්වන නියෝගයක් ඉල්ලා කෙසෙල්වත්ත පොලිසිය උසාවි යයි

108

පසුගිය 09 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් ප‍්‍රතිපාදන උල්ලංඝනය කරමින් සමගි ජනබලවේගය පක්‍ෂය විසින් ලබන 16 වැනිදා කොළඹ නගරයේ හා අවට ස්ථාන කීපයක පැවැත්වීමට සැලසුම් කර ඇති උද්ඝෝෂණ මාලාව වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසිය කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතාගෙන් ඉල්ලීමක් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් අනුව කෙසෙල්වත්ත පොලිසිය හා කොළඹ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ අධිකරණය හමුවේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පොලිසිය වෙනුවෙන් එම ඉල්ලීම කළේය.

එලෙස උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමෙන් මේ වනවිට ක‍්‍රම ක‍්‍රමයෙන් අඩපණ වෙමින් පවතින කොරෝනා ව්‍යාප්තිය ශීඝ‍්‍ර ලෙස ඉහළයෑමේ තර්ජනයක් මතුවිය හැකි බව පෙන්වා දෙමින් දිලීප පීරිස් මහතා එම ඉල්ලීම කළේය.

කෙසේ නමුත්, එම කරුණු දැක්වීම අධිකරණය හමුවේ වාර්තාගත කිරීමට පැවැති අපහසුතාවය නිසා අද (15දා) දිනයේ එම ඉල්ලීම සිදුකරන ලෙසත් ඉන්පසු සුදුසු නියෝගයක් ලබාදෙන බවත් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment