හෙට සහ අනිද්දා පරිපුරක වෛද්‍ය සේවා වැඩ වර්ජනයක්

286

සේවා ඉල්ලීම් 07 ක් මුල් කරගෙන රජයේ රෝහල්වල සේවය කරන හෙද .පරිපුරක වෛද්‍ය සේවා ,අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීන් 21ක් හෙට සහ අනිද්දා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි .
හෙට උදැසන 7ට ඇරඹෙන මෙම වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල සිදු කෙරෙන රෝගී සත්කාරක සේවාවන් ,සී ටී ස්කෑන් /එම් ආර් අයි ඇතුළු විකිරණ පරීක්‍ෂණ ,ලේ ,මුත‍්‍රා ඇතුළු රසායනාගාර පරීක්‍ෂණ ,ඊ ඊ ජී /ඊ සී ජී පරීක්‍ෂණ කටයුතු මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් සිදු කරන ලබන සේවා කටයුතු සිදු නොකෙරෙන අතර රෝහල්වල සිදු කෙරෙන හදිසි සත්කාරක හා පරීක්‍ෂණ කටයුතු පමණක් සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සම කැඳවුම්කරුවෙකු වන රවී කුමුදේශ් මහතා පැවසීය .

advertistmentadvertistment
advertistmentadvertistment