හෙට සිට තෙල් QR ක්‍රමයට

178

ජාතික ඉන්ධන බලපත්‍රයට (QR Cord) අදාළව පමණක් හෙට (01දා) සිට ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඉන්ධන බලපත්‍රයට අනුව යතුරුපැදියකට ලීටර් 04ක්, ත්‍රිරෝද රථයකට ලීටර් 05ක්, මෝටර් රථයකට ලීටර් 20ක්, වෑන් රථයකට ලීටර් 20ක්, ලොරි රථයකට ලීටර් 50ක්, බස් රථයකට ලීටර් 40ක් හා සෙසු වාහන සඳහා ලීටර් 15ක් බැගින් සතිපතා ඉන්ධන නිකුත් කරනු ලබයි.

ඉන්ධන ලබාගැනීම සඳහා ත්‍රිරෝද රථ හිමියන් ළඟම ඇති පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතුය. විදුලිජනක යන්ත්‍ර ඇතුළු සෙසු උපකරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අගෝස්තු 01 වැනිදාට පෙර ලියාපදිංචි කළයුතු බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මීට පෙර ජනතාව දැනුවත් කර තිබිණි.

හෙට (01දා) සිට ත්‍රිරෝද රථ සහ විදුලිජනන යන්ත්‍ර සඳහා ඉන්ධන ලබාගැනීමට එක් පිරවුම්හලක් (ලියාපදංචි වූ) පමණක් භාවිත කිරීමට කටයුතු කළ යුතුය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment