හෙට සිට පෞද්ගලික බස් සාමාන්‍ය ලෙස

101


හෙට සිට පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.කෙසේ වෙතත් ලංගම ඩිපෝ නොමැති ප්‍රදේශ කිහිපයකට පෞද්ගලික බස් රථ වලට ඉන්ධන ලබාදීමට ඛණිජ තෙල් සංස්ථාව නිසි පියවර නොගැනීම නිසා එම ප්‍රදේශ වල බස් රථ ධාවනය සීමා විය හැකි බවද පවසයි.ඒ අනුව දකුණු පළාතේ හක්මන,දෙනියාය,හම්බන්තොට,බෙලිඅත්ත වැනි ප්‍රදේශ වලත් අම්පාර මාඔය ප්‍රදේශයේත් මෙම ප්‍රවාහන දුෂ්කරතාවය මතුවිය හැකි බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment