හෙට සිට මංගල උත්සව සඳහා අවසර

1375


හෙට සිට 31 වැනිදා දක්වා ක‍්‍රියාත්මක කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙම මස 31 වැනිදා දක්වා බලපැවැත්වේ.ඒ අනුව හෙට සිට ශාලාවේ ඇතුළු කරගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 25ක් පිරෙන ආකාරයට උපරිම පුද්ගලයින් 50කට පමණක් සීමා කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර හිමිවේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා විවාහල ලියාපදිංචි කිරීම්වලට පමණක් සීමා කර තිබුණි.

මේ අතර අවමංගල්‍ය අවස්ථාවක දී ද එක් වරක දී සහභාගී විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව හෙටින් පසු 15 දෙනෙකු දක්වා ඉහළ නැංවේ.

හෙට සිට අවන්හල්වල ආසන ධාරිතාවයෙන් සියයට 30ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගැනීමේ හැකියාව පවතින අතර මත්පැන් භාවිතය තහනම්ය.

රැස්වීම්ල වැඩමුළුල සම්මන්ත්‍රණ ආදිය ද පැවැත්වෙන ස්ථානයේ ඉඩ ප්‍රමාණයෙන් සියයට 25ක් පිරෙන සේල උපරිම 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment