හෙට සිට රජයේ සේවකයින් කැඳවීම සීමා කරයි

918


අත්‍යවශ්‍ය සේවක පිරිසක් පමණක් සේවයට කැඳවා රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට හෙට සිට පියවර ගන්නැයි රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ ස්වදේශීය කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ ආයතන ප‍්‍රධානීන්ට චක‍්‍ර ලේඛයක් මගින් දැනුම්දී ඇත.පවතින ඉන්ධන ගැටලුව නිසා රාජ්‍ය සහ පොදු ප‍්‍රවාහන සේවාවේ පවතින දුෂ්කරතාවය ද සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත් නැවත දැනුම්දෙන තුරු මෙම පියවර අනුගමනය කරන ලෙසත් සඳහන් කර තිබේ.ඉන්ධන ,විදුලිය සහ ජලය සඳහා යන රජයේ වියදම් ද සීමා කරගතයුතු බැවින් අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවක් නොවන ලෙස මෙම පියවර අනුගමනය කරන්නැයිද සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment