හෙට සිට සංචාරකයන්ගේ පී.සී.ආර්. පැය 03න් දෙනවා… ඇමැති ප‍්‍රසන්න රණතුංග

262

සංචාරක ක්ෂේත‍්‍රයෙන් ඩොලර් මිලියන 4.5 ක් රටට අහිමි වුණා.. රාජ්‍ය ඇමැති ඞී. වී. චානක

විදෙස් රටවල සිට පැමිණෙන සංචාරකයන්ට හෙට (25 දා* සිට පැය 3 න් පී.සී.ආර්. වාර්තා ලබාදීමට කටයුතු කරන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කටුනායක ගුවන්තොටුපළ පී.සී.ආර්. පරීක්ෂණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (23 දා* එක්වෙමින් රණතුංග මහතා මේ බව පැවසීය.

පැයකට පී.සී.ආර්. පරීක්ෂණ 500 බැගින් දිනකට පරීක්ෂණ 7000 ක් මෙම පරීක්ෂණාගාරය තුළ සිදුකිරීමට නියමිතය. මෙරටට පැමිණෙන සංචාරකයන්ට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම මෙමඟින් සිදුකෙරේ.

ඒ අනුව කටුනායක 18 කණුව ප‍්‍රදේශයේ පිහිටුවා ඇති ගුවන් තොටුපළ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ වාර්තාව නෙගටිව් වන, එන්නත් මාත‍්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයන්ට බාධාවකින් තොරව ශ‍්‍රී ලංකාවේ නැරැුඹුම් ස්ථාන කරා යා හැකිය.

මෙවැනි උසස් තත්ත්වයේ පී.සී.ආර් පරීක්ෂණාගාරයක් ආසියානු රටක ගුවන් තොටුපළක් ආශ‍්‍රිතව ඉදිකෙරුණු පළමු අවස්ථාව මෙයයි. පෞද්ගලික සමාගමක් මෙහි ආයෝජනය කර තිබුණත් පරීක්ෂණාගාරයේ සම්පූර්ණ අයිතිය ඇත්තේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමටයි. වසර දෙකක කළමනාකරණ ගිවිසුමක් යටතේ පරීක්ෂණාගාරය ක‍්‍රියාත්මක වේ. මේ පරීක්ෂණාගාරය සංචාරකයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා ඩොලර් 40 ක මුදලක් අය කරනු ලබයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද පැවසීය.

සම්පූර්ණ එන්නත් නොකරපු සංචාරකයන් දින දාහතරක් හෝටලයක ඉන්න ඕනේ. සංචාරකයන් මෙතැනට ඇවිත් නෙගටිව් කියන රිපෝට් එකක් එක්ක තමයි හෝටලයට යන්න ලැබෙන්නේ. තව දින කීපයකින් මෙරටට පැමිණෙන සංචාරකයන්ට මෙතැනින් පැය තුනක් ඇතුලත රිපෝට් එක ලබාගන්න පුළුවන්. නෙගටිව් රිපෝට් එකක් ලැබුණොත් ඔවුන්ට කිසිදු අපහසුතාවකින් තොරව රට පුරා සංචාරය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ ස්ථානයෙන් සිදු කෙරෙනවා. මේ පර්යේෂණාගාරය සංචාරකයන්ට පමණක් සීමා කරන්නේ නැතිව ශ‍්‍රී ලාංකික රට විරුවන්ටත් පී.සී.ආර්. සඳහා අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඔවුන් මෙරටට පැමිණීමෙන් පසුව පී.සී.ආර්. රිපෝට් එක ලැබෙනකල් හෝටලයකට වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ පිළිබඳ නොයෙකුත් විවේචන ඇතිවුණා. සෞඛ්‍ය ඇමතිතුමාත් රට විරුවන් වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්නැයි කියලා ඉල්ලා හිටියා. මේ පර්යේෂණාගාරය ආරම්භ කළාට පසුව රටවිරුවන් කැමැතිනම් මෙතැනට ඇවිත් වාර්තාවක් ලබාගන්න පුළුවන් විදිහෙ ක‍්‍රමවේදයක් විදේශ සේවා අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය සමඟ සාකච්ඡුා කර සකස් කරන්න පියවර ගන්නවා. මේ පරීක්ෂණාගාරය සංචාරකයන් මෙරටට ගෙන්වීමේ දී අපට විශාල ශක්තියක් වෙනවා.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා .

ප‍්‍රබල අභියෝගයකට පිළිතුරු සපයමින් ඊට විසඳුමක් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට මගේ යුතුකමක් හා වගකීමක්. විවිධ චෝදනා මධ්‍යයේ සංචාරක කර්මාන්තය නංවන්න අවශ්‍ය විසඳුම් ලබා දී තිබෙනවා.

අද කොවිඞ් වසංගතය අපි නොසිතූ විදිහට මුළු ලෝකයම වෙලා ගත්ත තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් කිව්වේ විසඳුම් නැති අවාසනාවන්ත තත්ත්වයකට ලෝකය පත්වෙලා තියෙනවා කියන එකයි. නමුත් ලෝකය ඉතාමත් සාර්ථකව මේ අභියෝගයට මුහුණ දීලා තියෙනවා. 70% කට වඩා ජනතාවකට එන්නත ලබා දීලා බූස්ටර් එන්නතත් ලබාදෙන්න කටයුතු කරපු ඊශ‍්‍රායලය අද සාර්ථකව ජයග‍්‍රහණය කරලා තියෙනවා.

රාජ්‍ය අමාත්‍ය ඞී. වී. චානක මහතා –

ලංකාවට වැඩිම විදේශ විනිමයක් ගෙනෙන ක්‍ෂේත‍්‍රය සංචාරක ව්‍යාපාරයයි. 2014 සිට සෑම වසරකම සියයට 20 ක වර්ධනයක් දකින්න ලැබුණ ක්‍ෂේත‍්‍රයක්. රටේ යුද ජයග‍්‍රහණයත් සමඟ සෑම වසරකම ලොව සංචාරය සඳහා හොඳම රට බවට ශ‍්‍රී ලංකාව පත් වුණා. පාස්කු ප‍්‍රහාරයත් එක්ක ඒ තත්ත්වය කඩාවැටුණා. වසංගතයත් එක්ක අපිට සංචාරක ක්‍ෂේත‍්‍රයෙන් ලැබුණ ඩොලර් මිලියන 4.5 අහිමි වුණා. දැන් අපි ආයෙත් ටික ටික ඉදිරියට එනවා.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජි. ඒ. චන්ද්‍රසිරි, උප සභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරුද මෙහිදී කථා කළහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment