හෙට සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වේ

89

පාර්ලිමේන්තුව රැුස්වීම් හෙට (08) සිට සිකුරාදා (11) දක්වා රැස්වීමට අද (07) රැුස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

ඒ අනුව හෙට 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග 02ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර, ලලිත් ඇතුලත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකරනු ඇත. මෙහිදී, මහපොළ උසස් අධ්‍යාපන ශීෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සංශෝධන 02 ක්ද ඉදිරිපත් කිරීමට නියමිත බව සභානායකවරයා කීය.එම අරමුදලේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අග‍්‍රවිනිශ්චයකාරවරයා වෙනුවට විශ‍්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු හෝ විශ‍්‍රාමික විගණකාධිපතිවරයකු පත්කිරීමට සංශෝධන ඉදිරිපත් කරනු ඇත.

එමෙන්ම ඒ අරමුදලේ සාමාජිකයකු ලෙස මෙතෙක් කටයුතු කළ එහි විෂය භාර අමාත්‍යවරයා වෙනුවට ඔහු පත්කරනු ලබන නියෝජිතයකු එම සාමාජික ධුරය දැරීම සඳහා පත් කිරීමේ සංශෝධනයද ඉදිරිපත් කිරීමට නියමිතය අනිද්දා (09) සහ 10 වනදා, අපරාධ නඩු විධාන සංග‍්‍රහය(සංශෝධන) පනත් කෙටුම්පත, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරිමේ පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන(සංශෝධනපනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග‍්‍රහය(සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම මෙන්ම පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරිමේ(සංශෝ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ 1969 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, විවාද කර 10 වන දා සම්මත කරගැනීමට නියමිතව ඇත..

හිටපු මන්තී‍්‍ර මංගල සමරවීර මහතාගේ අභාවය ගැන ශෝක ප‍්‍රකාශ යෝජනාව (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment