හෙදියකට අයුතු යෝජනාවක් කළ තරුණයා අත්අඩංගුවට

333

බළන්ගොඩ මූලික රෝහලේ හෙදියකට අයුතු යෝජනාවක් කළ ඕපනායක ප‍්‍රදේශයේ තරුණයකු පොලිසිය මගින් (04 දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා බෙහෙත් ගැනීමට රෝහලට පැමිණි අවස්ථාවක ඉතා සූක්‍ෂම ලෙස මෙම හෙදියගේ ජංගම දුරකථන අංකය ලබාගෙන පසුව මෙම යෝජනාව කර ඇති බව පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම පුද්ගලයාගේ දුරකථනයේ විශ්ලේෂණ වාර්තාවක්ද ලබාගත් පොලිසිය සැකකරු ඊයේ (04දා) බළන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බළන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. බී. එම්. ආර්. කේ. බී. බාලසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පරීක්‍ෂණ සිදු කෙරේ.

බළන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment