හෙදියට පිඟානකින් පහර දුන් හිමිනම 2 දා දක්වා රිමාන්ඞ්… වැඩිදුර ප‍්‍රතිකාර ස`දහා හෙදිය කුරුණෑගලට මාරු කරයි

1141

පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරන අවස්ථාවේ දැඩි‍ වේදනාවක් ඇතිවීම හේතුවෙන් ඊට කෝප වී එම පරීක්ෂණය සිදුකළ හෙදියට වීදුරු පිඟානකින් පහරදුන් හිමිනම ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළාය.
 
 ඉකුත් 26 වෙනිදින උදෑසන පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීමට අදාළ පීසීආර් සාම්පල ලබා ගන්නා ස්ථානයට කැ`දවා එම ස්ථානයේදී අදාළ පරීක්ෂණය සිදුකරමින් සිටියදී හිමිනම තමන්ට වේදනාවක් ඇතිවු බව පවසමින් මෙසේ පි`ගානකින් ‍හෙදියට පහර දී ඇත.
 
 පහරකෑමට ලක් වූ හෙදිය බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි. ආණමඩුව රෝහලේ වෛද්‍ය අධිකාරි පද්මිනි අබේරත්න මහත්මිය පැවසුවේ වීදුරු පි`ගානකින් පහර කෑ හෙදියගේ හිසට දරුණු තුවාල සිදුව ඇති බවත් ඇය ආණමඩුව රෝහලෙන් කඩිනමින් වැඩිදුර ප‍්‍රතිකාර ස`දහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවීමට කටයුතු කළ බවයි.
 

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment