හෙදියන්ට රට රැකියා වලට යාමේ ගැටලුවක්

558


පෞද්ගලික හෙද විදුහල්හි ඉගෙනුම ලබන හෙදියන්ට පුහුණු හෙද ශ්‍රමිකයින් ලෙස විදේශ රැකියා සඳහා යාමේ ගැටලුවක් ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඊට හේතුවී ඇත්තේ පෞද්ගලික හෙද විදුහල්හි ඉගෙනුම ලබන හෙදියන් ලියාපදිංචි කිරීමට හෙද සභාව ප්‍රතික්ෂේප කරන නිසා යැයි ද කීවේය. මීට හේතුවී ඇත්තේ වෘත්තීය සමිති කිහිපයක ගැටලුවක් බව ද සඳහන් කළ අමාත්‍යවරයා යුරෝපය ඇතුළු රටවල් රැසකට පුහුණු හෙද ශ්‍රමිකයින් ලෙස යාමට අවස්ථාව හිමිව ඇත්තේ හෙද සභාවේ ලියාපදිංචි හෙදියන්ට පමණක් බව යැයිද කීවේය. එබැවින් මෙම ගැටලුව කඩිනමින් විසඳාගැනීමට අවශ්‍ය බවද පැවසීය.මේ වන විට ලොව පුරා පුහුණු හෙද ශ්‍රමිකයින් මිලියන 36ක ඉල්ලුමක් ඇතැයිද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment