හෙද ඉල්ලීම් හතෙන් පහකට ජනපතිගෙන් විසඳුම්

104

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (02දා* පියවර ගනු ලැබීය. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමටද එකඟතාව පළ කර තිබේ.
 
 රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමග ඊයේ (2 දා* පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම තීරණවලට එළැඹ තිබේ. ඒ අනුව හෙද සරසවිය ආරම්භ කිරීම, යහපාලන රජය සමයේ 2017.12.07 හා 32/2017 මගින් අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම, අත්හිටුවා ඇති සසස ශ්‍රේණියෙන් සස ශ්‍රේණියට උසස් වීම වසර පහක් ලෙස හා සස ශේණියෙන් ස ශේණියට වසර හතෙන් උසස් කිරීම, රුපියල් විසිදහසක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබාදීම සහ දැනට පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියකට දින පහක (පැය 30ක* කාලයක් ලෙස සැලකීම, විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම යන කරුණු 5 වහාම ක‍්‍රියාත්මක කිරීමට ජනපතිවරයා තීරණය කර තිබේ.
 
 රුපියල් දස දහසේ දීමනාව සහ 2014. 12. 24 දින මුදල් අමාත්‍යාංශය චක‍්‍රලේඛයක් මගින් සඳහන් කර ඇති මූලික වැටුපෙන් 1/100 අමතර සේවා දීමනාව ලබන අය වැයෙන් ලබාදීමටත් ජනාධිපතිවරයා එකඟතාව පළකර තිබේ.
 
 ඒ අනුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ යෝජනා සියල්ලට ජනාධිපතිතුමාගේ විසඳුම් ලැබී ඇත.
 
 රජය සෞඛ්‍ය අංශය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන අතර හෙද සේවාවට ඉහළ පිළිගැනීමක් ලබාදෙන බවත් හෙද වෘත්තිකයන්ට නිසි තැන ලබා දෙන බව ද ජනපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.
 
 රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ‍්‍රාමික* මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment