හෙද හෙදි වර්ජනයෙන් මොනරාගල රෝහල ඇතුළු දිස්ත‍්‍රික්කයේ සියලුම රෝහල් සේවා අඩාල වෙයි

391

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
 
 ඉල්ලීම් හයක් ඉදිරිපත් කරමින් රජයේ හෙද හෙදියන් ඊයේ (01දා* ආරම්භ කළ වැඩ වර්ජනය නිසා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහල ඇතුළු දිස්ත‍්‍රික්කයේ සියලූම පළාත් සභාවට අයත් රෝහල්වල එදිනෙදා සේවාවන් සැපයීම සම්පූර්ණයෙන්ම අඩාල වී තිබිණි.
 
 සමස්ත ලංකා හෙද සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය එක්ව සංවිධානය කළ මෙම වැඩ වර්ජනය නිසා සියලූම රෝහල්වල බාහිර සහ සායනික රෝගී ප‍්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබිණි.
 
 මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ හෙද හෙදියන් 300 දෙනාගෙන් 290 ක් පමණ මෙම වැඩ වර්ජනයට එක්ව සිටි අතර හදිසි අනතුරු සහ කොරෝනා
 
 රෝගීන්ගේ වාට්ටුවල සහ ළමා හා මාතෘ වාට්ටුවල සේවය කරන හෙද නලධාරීන් සහ නිලධාරිනියන් සිවිල් ඇඳුම් වලින් සැරසී රාජකාරි කටයුතු වල නිරත වූහ.
 
 මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට අමතරව බිබිල, වැල්ලවාය, සියඹලාණ්ඩුව මූලික රෝහල්වලත් කතරගම, සෙවනගල, හම්බේගමුව, තණමල්විල, බුත්තල, හිඟුරුකඩුව, ඔක්කම්පිටිය, බඩල්කුඹුර, මැදගම, දඹගල්ල, ඇතිමලේ සහ ඉඟිනියාගල යන පළාත් සභාවට අයත් රෝහල්වල ද මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කෙරිණි.
 
 මේ පිළිබඳ මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ආර්.එම් ධනපාල රත්නායක, මොනරාගල ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුසිත අත්තනායක යන මහත්වරුන්ගෙන් කළ විමසුමකදී පැවසුවේ හෙද හෙදියන්ගේ වැඩ වර්ජනය නිසා සියලූම රෝහල් වල එදිනෙදා කටයුතු අඩපණ වී තිබුණු බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment