හෙනරත්ගොඩ උයනේ උඩවැඩියා මල් පිපිලා

474

ගම්පහ – හෙනරත්ගොඩ උද්භිධ උද්‍යානයේ උඩවැඩියා උද්‍යානයේ රෝපිත යෝධ උඩවැඩියා පදුරේ කාලයකට පසු පුෂ්ප හටගෙන ඇත.

හෙනරත්ගොඩ උයනේ උඩවැඩියා මල් පිපිලා

පසුගිය කාලයේ කිහිප වරක් මෙහි පුෂ්ප හටගත් අවස්ථාවන් මාධ්‍ය  මගින් ප‍්‍රචාරය වීමත් සමඟ ඒවා නැරඹීම සඳහා දිවයිනේ නන්දෙසින් විශාල පිරිස් පැමිණියහ. මෙවර රටේ පවතින සංචරණ සීමා යටතේ උද්‍යානය නැරඹීමට ජනතාවට පැමිණිය නොහැකිවී ඇත.

‘ග‍්‍රැමටෝ පිලියම් ස්පේසසම් බ්ලූම්’ යන විද්‍යාත්මක නාමයෙන් හ`දුන්වන මෙම ඕකිඞ් විශේෂය ශ‍්‍රී ලංකාවේ හෙනරත්ගොඩ උද්භිධ උද්‍යානයටම ආවේනික වන බවත්, මුලින් වසර දහයකට පමණ වරක් පුෂ්ප හටගැනීම සිදුවී ඇති අතර දැන් වසර දෙකතුන අතරදී පුෂ්ප හටගැනීම සිදුවන බවද එම උද්‍යාන සහකාර අධ්‍යක්‍ෂිකා රුවිනි ගෝමස් මහත්මිය පැවැසුවාය.

පිංතූරය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment