ට්‍රක් එක පස්සට ඇවිත් ත්‍රිරෝදයේ හැප්පෙයි

221

ට්‍රක් රථයක් පිටුපසට ධාවනය වී පසුපසින් ගමන් ගත් ත්‍රිරෝද රථයක හැපී හෙම්මාතගමදී ඊයේ (26දා) අනතුරක් සිදුවිණි. හෙම්මාතගම, හොරේවල මාර්ගයේ කපුරැක්ක සිරි සමග්ගෝදය පිරිවෙන අසල හෙල් සහිත ස්ථානයකදී අනතුර සිදුව ඇත. හොරේවල දෙස සිට හෙම්මාතගම දෙසට ට්‍රක් රථය ධාවනය වී තිබේ. මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් හතර දෙනාගෙන් එක් අයකුට තුවාල සිදුවී ඇත. හෙම්මාතගම පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

රොහාන් සී. ප්‍රේමතිලක – හෙම්මාතගම, අරණායක

advertistmentadvertistment
advertistmentadvertistment