හෙරොයින් ග්‍රෑම් 42ක් සමග අසු වූ මැලේසියානු ආබාධිත ජාතිකයාට මරණ දඬුවම

527

* සිංගප්පූර් අභියාචනාධිකරණය මවගේ අභියාචනය ප්‍රතික්‍ෂේප කරයි
 

 මත්ද්‍රව්‍ය ග්‍රෑම් 42ක් සිංගප්පූරුවට ගෙන එද්දී අසු වූ මැලේසියානු ද්‍රවිඩයකු වූ නාගේන්ද්‍රන් ධර්මලිංගම් නැමැත්තාට පනවා තිබූ මරණ දඬුවම අහෝසි කරන්නැයි කළ ඉල්ලීම සිංගප්පූර් අභියාචනාධිකරණය ප්‍රතික්‍ෂේප කර ඇත. ආබාධිතයකු වූ නාගෙන්ද්‍රන් මැලේසියා සිංගප්පූර් දේශසීමා මුරපළේ දී අසු වී තිබුණි.

 සිය පුත්‍රයාගේ ජීවිතය බේරාදෙන ලෙස ඔහුගේ මව අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි. මේ අතර සිංගප්පූරු නීතිය අනුව මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15කට වඩා තිබුණොත් මරණ දඬුවම හිමිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment