හෙරොයින් වැටලීමට ගිය  බුද්ධි අංශ පොලිස් සැරයන්ට  අමානුෂික ප්‍රහාරයක්

448

පානදුර, කර්මාන්ත පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන බව කියන හෙරොයින් මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බුද්ධි තොරතුරු එක්රැස් කිරීමට ගොස් එමින් සිටි පොලිස් සැරයන්වරයකුට ත්‍රීරෝද රථ තුනකින් සහ යතුරුපැදියකින් පැමිණි පිරිසක් පහරදී පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බව පානදුර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ ප්‍රදේශයේ වැටලීම් සම්බන්ධයෙන් නමක් දරා සිටින පානදුර කොට්ඨාස බුද්ධි අංශයට අයත්ව පොලිස් සැරයන් සමන් සුමින්ද (8628) නැමැති නිලධාරියකු බව සදහන් වේ. පානදුර උසස් පොලිස් නිලධාරියෙක් ගේ උපදෙස් මත සැරයන්වරයා පානදුර, මෝදරවිල මහල් නිවාස සංකීර්ණයට ඇතුළුව අදාල තොරතුරු ලබාගැනීමෙන් පසු ගාලුපාර දෙසට එමින් සිටියදී පහරකෑමට ලක්ව ඇතැයි සදහන් වේ.

ත්‍රීරෝද රථ තුනකින් සහ යතුරුපැදියකින් පැමිණි කාන්තාවන් තිදෙනකු ඇතුළු දස දෙනකුට ආසන්න පිරිසක් පැමිණ ඇති අතර, කාන්තාවන් බලා සිටියදී අනෙක් පිරිස ඔහු වටකර යකඩ පොලු සහ රබර් බට වලින් පහරදී ඇතැයි පැවසේ. හිසට සහ කන ප්‍රදේශයට සිදුවූ තුවාල සහිතව සැරයන්වරයා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිස් කොට්ඨාසයේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වතයි.

ආර්.ඒ.එස්.ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment