හෙරොයින් සමග තරුණයින් සිව් දෙනෙක් අත්අඩංගුවට

153


තිස්සමහාරාම වීරහෙළ ප්‍රදේශයේදී නිවසක හෙරොයින් මත් කුඩු පැකට් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු හා හෙරොයින් ජාවාරමේ නිරත වු පුද්ගලයෙකු තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ නිළධාරීන් විසින් ඊයේ සවස අත්අංගුවට ගෙන ඇත.
සැකකරුවන් තිදෙනෙකු තිස්සමහාරාම වීරහෙළ ප්‍රදේශයේ නිවසක හෙරොයින් පැකට් කරමින් සිටින බවට තංගල්ල කොට්ඨාශ බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අදාල නිවස පරික්ෂා කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.එහිදි සැකකරුවන් සන්තකයේ තිබී පැකට් කරමින් සිටි හෙරොයින් මත් කුඩු මිලිග්‍රෑම් 30,000ක් සමග තිස්සමහාරාම වීරහෙළ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22,24 හා 25 වයස් වල පසුවන සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීමේදී ලද තොරතුරුවලට අනුව හෙරොයින් විකිණීමේ ජාවාරමේ නිරත වෙමින් සිටි 34 හැවිරිදි තවත් පුද්ගලයෙකුද හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 5000ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් කලක් තිස්සේ ඊෂී කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම සිදුකරගෙන ගොස් ඇත.ඒ සදහා යොදාගත් දුරකතනයක් හා බැංකු ගිණුම් පොතක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment