එක්දරු පියෙකුට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.
මෙසේ සිරදඩුවම් නියම වූයේ හෙරොයින් මත්කුඩු ග්රෑම් 2.53ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වීම මතය.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි.
2014 වසරේ මැයි මස 17 වැනිදා කොළඹ තොටලඟ ප්රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු හෙරොයින් මත්කුඩු ග්රෑම් 2.53ක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
විත්තිකරුට පෙර වැරදි පවතින බවට අධිකරණයට වාර්තා කර තිබූ අතර එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව 43 හැවිරිදි විත්තිකරුට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබුණි.