හෙස්බොල්ලා ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ ගිනි පැතිරේ

1

ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හෙස්බොල්ලා අන්තවාදීන් විසින් ඊශ්‍රායලය වෙත එල්ල කර ඇති රොකට් හා ඩ්‍රෝන යානා ප්‍රහාරයන් හේතුවෙන් උතුරු දිග ඊශ්‍රායලයේ ගලිලි කලාපයේ විශාල ගින්නක් හටගෙන තිබීම නිසා එම කලාපයේ ප්‍රධාන මාර්ග බොහොමයක් වසා දැමීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. හෙස්බොල්ලා සංවිධානයේ ප්‍රහාරයන් හේතුවෙන් හටගෙන තිබූ ගින්න ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගිනි නිවන හමුදා භට කණ්ඩායම් 30 කට අධික සංඛ්‍යාවක් යොදා තිබූ අතර ඊයේ (04දා) උදෑසන වන විට ගින්න පැතිරීම පාලනය කිරීමට එම කණ්ඩායම්වලට හැකිව තිබූ බව වාර්තා විය.

රොකට් හා ඩ්‍රෝන යානා ප්‍රහාරයන් හේතුවෙන් ඇතිව තිබූ මෙම ගින්නෙන් ගලිලි කලාපයේ පිහිටි නිවාසවලට හා වැසියන්ට තර්ජනයක් නොමැති බවද බලධාරීන් විසින් නිවේදනය කර තිබිණි. ගලිලි කලාපය, කීර්යාල් ශ්‍රමෝනා, කිබ්බුට්ස් කියාර් ගිලාඩි, මවුන්ට් අඩීර් හා අමියාඩ් වැනි ප්‍රදේශවලට මෙම ගින්න වැඩි වශයෙන් බලපා තිබූ අතර මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment