හෙළිකොප්ටරය කඩා වැටී ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු 11 ක් මරුට

327

ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් බිපින් රාවට් සහ ඔහුගේ බිරි`ද මධුලිකා රාවට් ඇතුළු පිරිසක් ගමන් ගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්.අයි. 175 වී. 5 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් ඊයේ (08 වැනිදා) දහවල් කඩා වැටී ඇත.

හෙළිකොප්ටරය කඩා වැටී ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු 11 ක් මරුට

ඉන්දීය සුලූර් ගුවන් හමුදා ක`දවුරෙන් ගුවන්ගත වූ මෙම යානය තමිල්නාඩුවේ නිලගිරි ක`දුකර ප‍්‍රදේශයට අයත් කුනූර් නගරයට ඉහළ අහසේදී අනතුරට ලක්ව ඇති බව ඉන්දීය ගුවන් හමුදාව නිවේදනය කළැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ ඉන්දීය ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් බිපින් රාවට්ගේ ආරක්‍ෂක සහකාර බි‍්‍රගේඩියර් එල්. එස්. ලීඩර් සහ ඔහුගේ සහායක ලූතිනන් කර්නල් හර්ජින්දර් සිං ඇතුළු පුද්ගලයන් නව දෙනකු ද යානයේ ගමන් කර ඇත. ජෙනරාල් බිපින් රාවට් ඇතුළු පිරිස ඉන්දියාවේ වෙලින්ටන්හි පිහිටි ආරක්‍ෂක සේවා මාණ්ඩලික විiාලය වෙත ගමන් කරමින් සිට ඇත.

අනතුර සිදුවීමත් සම`ග එහි ළ`ගා වූ සහන කණ්ඩායම් බරපතළ තුවාල ලබා සිටි දෙදෙනකු බේරාගෙන රෝහල්ගත කර තිබෙන බවද ඉන්දීය මාධ්‍ය ස`දහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ආරක්‍ෂක අංශ විශේෂ පරීක්‍ෂණයක්ද අරඹා ඇති අතර මෙම අනතුරෙන් පස්දෙනකු මියගොස් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණු බවද වාර්තා විය.

මියගිය අය හා තුවාල ලැබූවන් කවුරුන්දැයි අනාවරණය නොවුණු අතර ජෙනරාල් බිපින් රාවට් සහ ඔහුගේ බිරි`දගේ තත්ත්වය පිළිබ`දවද ඊයේ පස්වරුව වනතුරුත් ඉන්දීය රජය නිල වශයෙන් නිවේදනය කළේ නැත.

වසර තුනක කාලයක් ඉන්දීය හමුදා ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ජෙනරාල් බිපින් රාවට් 2019 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා එරට පළමු ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස එම ධුරයට පත් කෙරිණි.

ඉන්දීය යුද, ගුවන් සහ නාවික හමුදාවන් ඒකාබද්ධ කිරීමේ පියවරක් ලෙස ඉන්දීය රජය ප‍්‍රථමවරට ජෙනරාල් බිපින් රාවට් එරට ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරයට පත්කරනු ලැබීය.

සමන් ගමගේ,  කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment