හෙළ සිනමාවට ආදරය කළ සුනිල්සෝම පීරිස් නම් සොඳුරු මිනිසා

555

මෙරට වාණිජ සිනමාවේ බොක්ස් ඔෆිස් රජකු ලෙස ජනහද දිනූ චිත‍්‍රපට රාශියක් හෙළ සිනමාවට දායාද කළ ප‍්‍රවීණ සිනමාකරුවකු වූ සුනිල්සෝම පීරිස් තම දිවි සැරිය නිම කළේය. මේ ඔහු පිළිබඳ කෘතහස්ත රංගනවේදී සනත් ගුණතිලකයන් කරන අදහස් දැක්වීමකි.

1978 ඉතාම අහම්බයකින් සිනමාව පැමිණි මට එම වර්ෂයේ මුල් කාර්තුවේදී සිටුකුමරියෝ චිත‍්‍රපටයේ ර`ගපාන්නට ලැබිණ. එහි වැඩ අවසන් වූ පසු ඊළ`ගට කුමක් කරන්නේදැයි විමතියෙන්ද කුතුහලයෙන්ද බියෙන් සහ සැකයෙන්ද ජීවත් වූ කාලයක් විය. එනමුත් වසර මැද වන විට අලූත් චිත‍්‍රපට කීපයක ර`ගපෑමට අවස්ථාව උදා වූ නිසා එක්තරා විදියක කාර්ය බහුල තත්ත්වයක් උදා විය. එහිදී වැඩි චිත‍්‍රපට ගණනාවක පසු නිෂ්පාදන කටයුතු කෙරුණේ කොළඹ කරුළපනේ් පිහිටි ලංකා චිත‍්‍රාගාරයේය.

හෙළ සිනමාවට ආදරය කළ සුනිල්සෝම පීරිස් නම්  සොඳුරු මිනිසා

විවිධ තරාතිරමේ සිනමාවට සම්බන්ධ ලොකු කුඩා පිරිස්වලින් මෙම චිත‍්‍රාගාරය පිරීපැවතිණි. මටද මෙම පරිසරයේ සතියට දින 04-05ක් පමණ ගැවසීමට සිදුවිය. මෙම පරිසරය තුළ උසට සරිලන මහතකින් යුතු ආරෝහ පරිණාහා සිරුරක් නියෝජනය කරමින් සිහින් උඩු රැුවුලකින් යුතු මට වඩා තරමක් වැඩිමල් තරුණයෙකු නිතර දුටුවෙමි. ඔහු සුනිල්සෝම පීරිස්ය.

1979 ටිකිරි චිත‍්‍රපටය නැරඹූ පසු මම සෑම චිත‍්‍රපටයක්ම නැරඹුවෙමි. මේ ඉහත කී යෝධයා ඒ චිත‍්‍රපටය තුළ අති දක්‍ෂ සටන් නළුවෙක් ලෙස ර`ගණු දුටුවෙමි. එයින් පසු ඔහු දකින විට මට ඇති වූයේ එක්තරා විදියක බියජනක හැ`ගීමක් යැයි කීම මුසාවක් නොවේ. පසු කලෙක නිමල් වීරක්කොඩි සහ විල්ෆ‍්‍රඞ් සිල්වා නැමැති අති සුන්දර අධ්‍යක්‍ෂ, නිෂ්පාදක දෙපළ මගින් ඔහු මට හඳුනා ගැනීමට ලැබිණ. ඉතාම ළෙන්ගතු පුද්ගලයෙකු ලෙස හඳුනාගත් ඔහු එදා සිටම මගේ සිනමා දිවියට සුවිශේෂී ආශිර්වාදයක් වූ තැනැත්තෙක් ලෙස හැඳින්විය හැකිය.

සුනිල් සම`ග චිත‍්‍රපට රාශියක මා වැඩකර ඇති නමුදු ඔහු සතු සුවිශේෂී හැකියාවන්, දක්‍ෂතාවන් විස්තර කරලීමට මෙම පත්ඉරු ප‍්‍රමාණවත් නොවේ යැයි මට සිතේ. ඔහුට සිනමාවේ ඕනෑම අංශයක් පිළිබඳව යම් නිපුණතාවයක් තිබිණ. සිනමාවට තිබූ දැඩි ආදරය නිසාම ඉතාම කුඩා තැනකින් පටන් ගෙන විවිධ අධ්‍යක්‍ෂවරුන්ගේ ම`ග පෙන්වීම මගින් විවිධ ප‍්‍රධාන කාර්මික ශිල්පීන්ට අත් උදව් දී, දැවැන්ත නළු නිළියන් සහ නිර්මාණකරුවන් සම`ග වැඩ කිරීමෙන් සහ ඒ ආශ‍්‍රය තුළින් ලබාගත් අත්දැකීම් ඔහු තම ජීවිතයට දැඩි ලෙස බද්ධ කර ගැනීම නිසා දේශීය සිනමාව තුළ නොමැකෙන නමක් රඳවා ඉතිරි කර තැබීමට ඔහුට හැකි විය.

හෙළ සිනමාවට ආදරය කළ සුනිල්සෝම පීරිස් නම්  සොඳුරු මිනිසා

ස්වකීය දැඩි උත්සාහය, උනන්දුව කැපවීම, කාලය අමතක කර වැඩ කිරීමට දැරූ උත්සාහය මත ඔහු මෙම තත්ත්වයට පත් වූ බව මා පවසනුයේ ඊට දස දහස් තරම් නිදර්ශන පෙන්වා දීමට හැකියාවක් ඇති බැවිනි.

අදත් අප අතර ජීවත් වන ඕනෑම ප‍්‍රවීණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් අධ්‍යක්‍ෂවරුන්, කැමරා ශිල්පීන් ඇතුළු කාර්මික ශිල්පීන්ගෙන් ඔහු පිළිබඳ විමසුවහොත් අපට අසන්නට ලැබෙන්නේ ඔහුගේ දක්‍ෂතාවය කැපවීම තැනට සුදුසු නුවණ, නිෂ්පාදන අධ්‍යක්‍ෂණයේ ඇති කළමනාකරණය සහ පළපුරුද්දේ විශිෂ්ටත්වය සහ නිස`ගයෙන්ම ඔහු තුළ පිහිටි මනුස්සකම පිළිබඳ අවංක තක්සේරුවයි. බැලූ බැල්මට එය වර්ණනාවක් සේ පෙනුණත් ඒ සියලූ ප‍්‍රකාශන තුළ ඔවුන්ගේ හෘදසාක්‍ෂිය සත්‍ය ගරුකරමින් සුනිල් පිළිබඳව සුනිල්ගේ දක්‍ෂතා පිළිබඳ මතකය අලූත් කිරීමක් බව මට දිවුරා කිව හැකිය.

හෙළ සිනමාවට ආදරය කළ සුනිල්සෝම පීරිස් නම්  සොඳුරු මිනිසා

ඔහු මෙරට සිනමාව වෙනුවෙන් කළ කී දෑ කිසිදිනක සිනමාවට ආදරය කරන්නවුන්ගේ හදවතින් නොමියෙන බව මට විශ්වාසය. ආදරණීය සිනමා සිහිවටන රාශියක් අපට ඉතිරි කර අවසන් ගමන් යන සුනිල් ඔබට අජරාමර නිවන් සුව ප‍්‍රාර්ථනා කරමි.

හෙළ සිනමාවට ආදරය කළ සුනිල්සෝම පීරිස් නම්  සොඳුරු මිනිසා

සනත් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment