හෙළ සිනමාවට ආදරය කොට නික්මගිය නිහතමානී ධර්මසිරි

1306

ධර්මසිරි සහ මාලනී ධර්මසිරි

මීගමුව කොච්චිකඬේ නගරයේ ජන රැලියක් පැවැත්විණි. ලංකා සමසමාජ පක්‍ෂයේ නායකව සිටි ආචාර්ය එන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, බර්නාඞ් සොයිසා වැනි නායකයෝ රැස්වීම ඇමතීමට පැමිණ සිටියහ. එදා තාරුණ්‍යයේ සිටි මා එම රැස්වීම අමතා වචන කිහිපයක් කතා කළ පසු වේදිකාවේ පසෙක අසුන් ගෙන සිටියකු මම ධර්මසිරි……….

 පස්සෙ හමුවෙමු යැයි මට කියා ආචාර්ය එන්. එම්. හා බර්නාඞ් සොයිසා වැනි නායකයන් සම`ග වචන කිහිපයක් කතාකර වේදිකාවෙන් බැස නොපෙනී ගියේය. නන්නාඳුනන කෙනකු වූ ඔහු කවුදැයි මට ප‍්‍රහේලිකාවක් විය.

 ධර්මසිරි හෙවත් ඔහු ඊට බොහෝ කලකට පසු මම දැන හඳුනා ගත්තේ පත්තර රස්සාවට පැමිණි පසුවය. එදා මා නොහඳුනන නොපෙනී ගිය ඔහුව හඳුනාගත් පසු එම මතක අතීතය ඔහුට පැවසුවෙමි. ධර්මසිරි අයියා ලෙස අපි ඔහුට කතා කළෙමු. ඔහු අපට රටට ළබැඳි පොදු ජනතාවට ආදරය කළ වචනයේ පරිසමාප්තියෙන්ම මානව හිතවාදී මිනිසකු වූවේය. ඊටත් වඩා හෙළ සිනමාවේ ඉදිරි ගමනට දායකවූවකු ද වූවේය. කලක් වාමාංශික දේශපාලනයේ ද ඔහු කි‍්‍රයාකාරිකයකුව සිටියේය.

හෙළ සිනමාවට ආදරය කොට නික්මගිය නිහතමානී ධර්මසිරි
කයිරෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලේදී ‘‘අහසින් පොළොවට’’ චිත‍්‍රපටය හිමිකරගත් ඇකන්ටන් සම්මානය රැගෙන ලංකාවට පැමිණි දා ගුවන් තොටුපළේදී යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතා (සම්මානය අතැතිව), මිලිනා සුමතිපාල මහත්මිය, ටෝනි රණසිංහ, ඩබ්ලිව්. ඒ. ධර්මසිරි සහ ඔහුගේ බිරිඳ මාලනී ධර්මසිරි මෙහි වෙති.

මුළු ලොවම භයානක කොවිඞ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින සමයක ධර්මසිරි අයියා ද ජීවිතයෙන් නිහඬවම නික්ම ගියේය. (ඔහුගේ මරණය අපි දැන ගත්තේ ඒ. ඞී. රන්ජිත් කුමාරයන් ලියන ලද පුවත් පත් සටහනකිනි.)

 කොටහේනේ හිල් වීදියේ උපත ලැබූ ධර්මසිරි, එහි මධ්‍ය මහා විiාලයේ අධ්‍යාපනය ලැබුවේය. පාසල් සමයේ පාපන්දු ක‍්‍රීඩාවට විශේෂ දක්‍ෂතා දැකවූ ධර්මසිරි අයියාගේ සමකාලීනයකු වී ඇත්තේ කීර්තිමත් පාපන්දු ක‍්‍රීඩකයකු වූ මරදාන මධ්‍ය විද්‍යාලයට ක‍්‍රීඩා කර ඇති පී. ඞී. සිරිසේනයි.

 ධර්මසිරි අයියාගේ වැඩිමහල් සොහොයුරිය වූයේ ග`ග අද්දර ඇතුළු චිත‍්‍රපට පෙළක් අපේ ජාතික සිනමාවට දායද කළ මිලිනා සුමතිපාල මහත්මියයි. කීර්තිමත් ව්‍යාපාරිකයකුව සිටි මිලිනා සුමතිපාල මහත්මියගේ ආදරණීය සැමියා වූ, යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතා චිත‍්‍රපට නිෂ්පාදකවරයකු බවට පත් කිරීමේ පසුබිමේ සිටි යෝධ සෙවණැල්ල ධර්මසිරි මහතාය. සිනමාවට අතිශයින්ම ඇලූම් කළ ධර්මසිරි වඩාත්ම සිනමා රසිකයකු වු තම මස්සිනා වූ, යූ. ඩබ්ලිව්. සුමතිපාලට චිත‍්‍රපටයක් කරමු යැයි යෝජනාව ගෙන ආවේය.

 ඒ අනුව සුමතිපාල මහතා ‘උන්නත් දාහයි මලත් දාහයි’ චිත‍්‍රපටය නිෂ්පාදනයට එක් වූවේ දිගු සිනමා වන්දනාවක පෙරම`ග ලකුණු තබමිනි. 1976 ජූලි මස 25 වැනිදා එම චිත‍්‍රපටයේ මංගල දැක්ම පැවැත්විණි. විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා ඇතුළු නළු නිළියන් සමූහයක් ර`ගපෑ එම සිනමා පටය ලෙනින් මොරායස් අධ්‍යක්‍ෂණය කළ අතර අතිශයින්ම සාර්ථක චිත‍්‍රපටයක් ලෙස ප‍්‍රදර්ශනය වුවේය. ඉන් නොනැවතුණු ධර්මසිරි මහතා තම කල්‍යාණ මිත‍්‍ර ටෝනි රණසිංහ සමගින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ලවා කලාත්මක චිත‍්‍රපටයක් ලෙස ‘අහසින් පොළොවට’ නිපදවීමට යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතාට ධෛර්යය හා ම`ගපෙන්වීම ලබාදුන්නේ සිනමාවේ නව පිබිදීමක ඇරඹුමක්ද ඇති කරමිනි.

 1978 කයිරෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලේදී තුන්වන ලෝකයේ හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ටෝනි රණසිංහ, වසන්ති චතුරානි, ශ‍්‍රියානි අමරසේන, විජය කුමාරතුංග, ගීතා කුමාරසිංහ, රුක්මනි දේවි, එඞී ජූනියර්, ශාන්ති ලේඛා, අසංක මොණරවිල, තලතා ගුණසේකර, අජිත් ජිනදාස, සෝමරත්න දිසානායක, ක‍්‍රිෂ්ටි රණසිංහ ආදීහු ලෙස්ටර් අධ්‍යක්‍ෂණය කළ අහසින් පොළොවට හි ර`ගපෑවෝය.

හෙළ සිනමාවට ආදරය කොට නික්මගිය නිහතමානී ධර්මසිරි

දෙස් විදෙස් සම්මාන රාශියක්ම දිනාගත් එම සිනමා පටය රැගෙන කයිරෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙලට සහභාගි වීමට පිටත්ව ගියේ ටෝනි රණසිංහ සහ චිත‍්‍රපටයේ නිෂ්පාදන විධායකයන් දෙදෙනකු වූ එච්. එම්. අබේසිංහ සහ ධර්මසිරිය.

 කයිරෝ චිත‍්‍රපට උළෙලට ඉදිරිපත් කළ ලොව විවිධ රටවල චිත‍්‍රපට 100 ක් අතරින් අපේ රටට මේ ගෞරවය හිමි වුණා. අවුරුදු ගණන් භාරතයේ කැමරා තාක්‍ෂණය සමගින් අපි කරපු චිත‍්‍රපටයට ලොවේම ප‍්‍රශංසාව හිමිවුණා. මාත්, ධර්මසිරිත්, අබේසිංහත් ජාතික ඇඳුමින් සැරසී එදා ඊට එක් වුණා. වරෙක ටෝනි රණසිංහ සිය මතකයන් ආවර්ජනය කළේය.

 සම්මානය රැගෙන විත් ගුවන් තොටුපළේදී ටෝනි, ධර්මසිරි ඇතුළු පිරිස, යූ. ඩබ්ලිව්. සුමතිපාල හා මිලිනා සුමතිපාල යුවළට පිළිගැන්වීමේදී ධර්මසිරිගේ බිරිඳ මාලනී ධර්මසිරිත් ඒ අසල වූවේය.

 තම සොහොයුරිය සුමිත‍්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ග`ග අද්දර චිත‍්‍රපටය නිපදවද්දීත් එය පසුබිමේ දැවැන්ත කාර්යභාරයක් ඔහු ඉටු කළේ තම ලබැඳීම මිත‍්‍ර විජය කුමාරතුංගයන් යළිත් තමන් සම්බන්ධ සිනමා පටයකට ප‍්‍රවිෂ්ට වීමේ අසීමිත සතුට ද පෙරදැරිවය.

 මා මින්නේරිය අතුරු මැතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස 1984 තරග කරන විට ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයෙන් තරග කළ විජය කුමාරතුංගයන්ගේ විජයග‍්‍රහණය උදෙසා එක්වීමට ධර්මසිරිත් එහි පැමිණ සිටියේය. වරෙක විජයගේ සහයට පැමිණි හිටපු ඇමැතිවරයකු වූ, ටී. බී. ඉලංගරත්නයන්ට හා මට, නැවතීමට අද මෙන්ම හෝටල් නොතිබූ එකල එක්තරා හෝටලයක පහසුකම් සැලසීමටද ධර්මසිරි අයියා ඉදිරිපත් වී එහි බරපැන ද දැරුවේය.

 දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව වෙනුවෙන් 1982 ජනාධිපතිවරණයේදී හාල් පොතක් මුද්‍රණය කිරීමේ සිද්ධියකට ඔහු හා ඔසී අබේගුණසේකර ඇතුළු පිරිසක් සමග සිරගෙදර තපින්නටද ඔහුට සිදුවිය. කොබ්බෑකඩුව මහතා ජයග‍්‍රහණය කරවීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ විජය කුමාරතුංගයන්ට පසුබිමේ නිහඬව විශාල ශක්තියක් ලබාදුන්නවුන් අතර ධර්මසිරි අයියා සිටි බව මම දනිමි.

 එපමණක් නොව එදා විජය – චන්ද්‍රිකා මහජන පක්‍ෂය පිහිටුවද්දී ධර්මසිරි අයියා ඔවුනට කාර්යාලයක් ලබාදීමටද පසුබිමේ ඔහු සිටියේය. එමෙන්ම විජයගේ දේශපාලන ගමනට දැවැන්ත සහයෝගයක් දුන් තවත් සුවිශේෂී මිනිසකු වූයේ ධර්මසිරිය.

 තම බෑනණුවන් කෙනකු වූ තිලංග සුමතිපාල මහතාගේ දේශපාලන ජීවිතයේ ද ධර්මසිරි අයියා වරෙක උපදේශකයකු මෙන්ම තවත් වරෙක පියෙකු මෙන් ඉතා ආදරණීයව කටයුතු කළ වගද අපි දනිමු.

 පොදු ජන අයිතීන් උදෙසා වු අරගලයන්හිදීත් ධර්මසිරි අයියා සිටියේ ජනතාවගේ පැත්තේය. සිනමා කර්මාන්තයේ පැවැත්ම උදෙසා වූ හැම සටනකම ධර්මසිරි අයියා ද කිසියම් තැනක සිටියේ නිහඬව තම උදව් උපකාර කරමිනි. ධර්මසිරි අයියාගේ භාර්යාව වූයේ මාලනී ධර්මසිරි මහත්මියයි. රුවනි දියණියත්, නුවන්, රදික, මතීෂ පුතුන් තිදෙනාත් ඔහුගේ දරුවන්ය.

 ධර්මසිරි අයියා මෙන්ම ඔහුගේ බිරිඳ මාලනී ධර්මසිරිත් එම හැම මොහොතකම එකට එක්ව සිටියහ. අපට රටට ළබැඳි මේ සොඳුරු කලා ලැදි හිතවතා, අප මිත‍්‍රයා වෙනුවෙන් මේ සටහන නිම කරන්නට ඔහුගේ මස්සිනා වූ දිවංගත යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතා වෙනුවෙන් වරෙක ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර ලියූ උපහාර ගීතයක පද කිහිපයකින් අවසන් කරන්නේ එම උපහාරය ධර්මසිරි අයියාට ද ගෞරවයක් වනු පිණිසය.

 දයා මෙතින් මානව හිතවාදී
 මෙහෙවරෙහි පොදු ජන හිතකාමී
 සොඳුරු හදවතින් කලාකාමී
 ආලෝකය ශක්තිය හෙබැවී
 ‘‘සිනාවකින් සාදර කරුණා දී
 නෑසිය මෙන් ජන සුව සෙත සෑදී
 මිතුරු අත්වැලෙහි සදා පේ‍්‍රමී
 ඇපකැපවීමෙන් ඔබ පේවී

 සෙනේ සිතින් කෙළි ගී නළුවේදී
 අතහිත දී රස සිනමාවේදී
 ඉසුරු දෝත පෑ සුසංවේදී
 ගුණ නැණ සේවී කෘත වේදී’’
 ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතාට නිවන් සුව ප‍්‍රාර්ථනා කරමි.

නාරද නිශ්ශංක

හෙළ සිනමාවට ආදරය කොට නික්මගිය නිහතමානී ධර්මසිරි
advertistmentadvertistment
advertistmentadvertistment