හේග් අධිකරණයේ නඩුදමා ගිනිගත් නැවෙන් වුණු හානියට වන්දි ගත යුතුයි

104
  • මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමා

    එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරා වන්දි ලබා ගැනීමට රජය ක‍්‍රියා කළ යුතු බවත්…. එසේ නොකරන්නේ නම් අප තේරුම් ගන්නේ ආණ්ඩුවේ සිටින්නේ පිට කොන්දක් නැති නායකයන් බවත් මැල්කම් කාදිනල් රංජිත් ප‍්‍රනාන්දු කොළඹ අගරදගුරුතුමන් ඊයේ (26 දා* පැවසීය.

කාදිනල්තුමන් මේ බැව් පැවසුවේ ඊයේ පෙරවරුවේ පමුණුගම සරක්කුව ප‍්‍රදේශයේ මුහුදු වෙරළ තීරයේ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානි නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවක නිරත වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල්තුමන් මෙසේද කීවේය.

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා මීගමුව ප‍්‍රදේශයේ මුහුදු තීරණ හානියට ලක්වුණා. එනිසා කඩිනමින් මෙම මුහුදු පතුළ, වෙරළ පිරිසිදු කළයුතුයි. මුහුදේ ගිලී ඇති බහාලූම් ඉවත් කර ගැනීම ඉක්මන් කළ යුතුයි.

එසේම මින් සිදුවූ හානියට අදාළ වන්දි ලබා ගැනීමට හේග් නුවර අධිකරණය හමුවේ නඩු පැවරිය යුතුයි.

ජනාධිපති, අගමැති, ධීවර ඇමැති සහ වරාය ඇමැති ඇතුළු සියලූ මැති ඇමැතිවරුන්ට මෙහි වගකීම පැවරෙනවා.

මේ රජය මැතිවරණයේදී පැවසුවේ අප ඉන්නේ ජනතාව සමග කියලා. නමුත් අපට දැන් පෙනෙන්නේ ඔවුන් සිටින්නේ නිලධාරීන්ගේ සහ සමාගම් පැත්තේ කියාය.

මුතුරාජවෙල කියන්නේ අපට තිබෙන පරිසර සම්පතක්. මෙය කොරියාව, සිංගප්පූරුව වැනි රටවලට විකුණන්න ඉඩදිය නොහැකියි. නාගරික සංවර්ධන අධිකාරියට මෙම භූමිය පවරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය පිස්සු වැඩක් කියලා මම හිතන්නේ.

මේ ගැන මම ප‍්‍රදේශයේ ජනතාව කොහෙද යන්නේ? මේ ගැන ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයාගෙන් ඇසූ විට ඔහු පැවසුවේ ඒ ගැන තමා දන්නේ නැති බවයි. එහෙනම් ජනතාව ඡන්දය දී ඇත්තේ මෝඩරාළ කෙනෙක්ට කියලා මම කියනවා. ඒ නිසා රජයට කියන්නේ ජනතා විරෝධී තීන්දු ගන්න එපා කියලා.

එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ප‍්‍රශ්නයේදී අවංකව කටයුතු කරන්න කියලා අප රජයෙන් ඉල්ලා සිටිනවා.

උපාලි ද සේරම් – බී. ටී. කේ. ජාඇල අතිරේක, සහ මීගමුව විමල් කීර්ති පිංතූරය – නිශාන් එස්. ප‍්‍රියන්ත





 

advertistmentadvertistment
advertistmentadvertistment