හේමශ්‍රී ද අල්විස් දිවි ගමනට සමුදෙයි…

686

මැණිකේ ඔබේ සිනාවේ… දෑස පා සිනා කියන රහස තේරුණා… අමරණීය ගී රැසක් දැයට දායාද කළ ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයට අමරණීය ගීත රැසක් දායාද කළ ගේය පද රචක හේමශ්‍රී ද අල්විස් මහතා ඊයේ (02 දා) දිවියෙන් සමුගත්තේය.

“මැණිකේ ඔබේ සිනාවේ… දෑස පා සිනා කියන රහස තේරුණා, මධු සඳෙන් තවත් සුපුන් සඳක්, නෙත් යුග රන්තරු… සුදු සඳ රැස් ගලන… ශ්‍රීණි විභූෂිත ලංකා… සීත වනමල් පෙතේ… කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක… දුනුකෙයියා මලක් වගේ…” ඇතුළු ජනප්‍රිය හා අමරණීය ගීත හාරදහසක් රචනා කළ හේම ශ්‍රී දිවියෙන් සමුගනිද්දී 81 වැනි වියෙහි පසුවිය.

වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නිර්මාණ රචකයකු සේ සේවය කළ හේ 1977 සිට වසර 20 ක කාලයක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස කටයුතු කළ අතර ප්‍රකට ගායිකාවක වූ අයිරින්ද අල්විස් මහත්මිය ඒ මහතාගේ බිරිඳ විය.

හේම ශ්‍රී ද අල්විස් මහතාගේ දේහය 50/9, මැද පාර, තල්පිටිය උතුර, වාද්දුව යන ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරුදින ප.ව. 4 ට තල්පිටිය සුසාන භූමියේ දී සිදු කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment