හේමසිරිට – පූජිත්ට එරෙහි මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව අවසන්

271

නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මුස්ලිම් අන්තවාදින් 2019 අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීමට එරෙහිව හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුව අවසන් කිරීමට කොළඹ වැඩබලන නිල නොලත් මහෙස්ත‍්‍රාත් සංජය ගමගේ මහතා ඊයේ (27 දා) නියෝග කළේය.

එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර නඩු පවරා ඇති බැවින් මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් කළ කරුණු දැක්වීම සලකා බැලූ වැඩබලන නිල නොලත් මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

එම සැකකරුවන් දෙදෙනා ඊයේ (27 දා) අධිකරණය හමුවේ පෙනීසිටි අතර නීතිඥ නුවන් අල්විස් හා ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල යන මහත්වරු විත්තිය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment