හේමසිරි ගැන තීන්දුව කල් යයි

225


පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධව චෝදනා එල්ලවී ඇති හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අවසන් කර ඇති බවත් අදාල චෝදනාවලින් ඒ මහතා නිදහස් කරන්නේද විත්ති වාචකය කැඳවන්නේ ද යන නියෝගය ලබන මස 18 වැනිදා ප්‍රකාශයට පත්කරන බවත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද පැවසීය.
එම නඩුව අද නාමල් බළල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment