හේමාස් අවුට්රීච් පදනම 21 වන වරටත් ‘පියවර’ වාර්ෂික ගුරු පුහුණු වැඩසටහන පවත්වයි

27

හේමාස් අවුට්රීච් පදනම (Hemas Outreach Foundation) සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන වාර්ෂික ගුරු පුහුණු වැඩසටහන අඛණ්ඩව 21 වන වරටත් පසුගියදා පැවැත්විණි. සුප්‍රකට පුහුණුකරුවන් හා පුහුණුකාරිනියන්ගේ දායකත්වයෙන් දින තුනක් පුරා පැවති මෙම නේවාසික වැඩසටහනට, දිවයින පුරා ‘පියවර’ පෙර පාසල්වල ගුරුවරියන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ ප්‍රමුඛතම ප්‍රජා සත්කාරයක් වන ‘පියවර’ වැඩසටහන ආරම්භ වූයේ 2002 වසරේදීය. ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමග අත්වැල් බැඳ ගනිමින් දියත් කළ පියවර ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, මුල් ළමාවිය සහ රැකවරණ සංවර්ධන වැඩරාමුව යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ ජීවිත නගාසිටුවීමයි. දරුවකු සිය ජීවිතයේ තබන මුල් පියවර සංකේතවත් කිරීම සඳහා මෙම වැඩසටහන ‘පියවර’ ලෙස නම්කරන ලදි. දරුවන්ට යහපත් රැකවරණයක් ලබාදෙමින්, ඔවුන්ගේ ජීවිතයට ශක්තිමත් අඩිතාලමක් සැපයීම මෙම වැඩසටහනේ මූලික දැක්ම විය.

advertistmentadvertistment
advertistmentadvertistment