හේමාස්, පරිසර අමාත්‍යාංශයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ සංග්‍රාමය සමඟ හවුල් වෙයි

159

හේමාස් හෝල්ඩිංග්ස් සමාගම, පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව අමාත්‍යංශය විසින් දියත් කරන ලද පාරිසරික මුලපිරුම වනිරීතියක් නොව විනයක්’යන ව්‍යාපෘතිය යටතේ ශ‍්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකිවයුතු ලෙස බැහැර කිරීම සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම සඳහා සම්බන්ධ විය.
 
 මෙම වැඩසටහනේ එක අදියරක් ලෙස, ඉවත දැමිය හැකි ප්ලාස්ටික් පෑන් සහ දත් බුරුසු එකතු කිරීම සඳහා ප‍්‍රතිචක‍්‍රීකරණ බඳුන් රජයේ ආයතනවල සහ පාසල්වල ස්ථානගත කරනු ඇත. මෙම අයිතම එලෙස එකතු කිරීමෙන් පසු, පරිසරයට වන බලපෑම අවම කරමින් ප‍්‍රතිචක‍්‍රීකරණය කරනු ලැබේ.
 
 ”ශ‍්‍රී ලංකාව කියන්නේ අද්විතීය සුන්දරත්වයකින් යුත් දූපතක්. ශ‍්‍රී ලාංකික සමාගමක් ලෙස අපගේ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම අපගේ යුතුකමක් වගේම අපි ඒ සඳහා බැඳී සිටින බව අපි විශ්වාස කරනවා. ප්ලාස්ටික් දූෂණයෙන් පරිසරයට ඇති වන බලපෑම ගැන අපි දන්නවා. මෙය තනිවම විසඳිය හැකි ගැටළුවක් නෙමෙයි. ඒ සඳහා අප එකට එක්ව වැඩ කළ යුතු අතරම ඒ සඳහා සහයෝගීතාවයන් සහ හවුල්කාරිත්වයන් අප ඇති කර ගත යුතුයි. පරිසර අමාත්‍යාංශය මූලිකත්වය ගෙන කටයුතු කරන මෙම වැඩසටහනේ හවුල්කරුවෙකු වීම ගැන හේමාස් ආඩම්බර වෙනවා. මෙය ආරම්භයක් පමණක් වුවද ඉදිරි පරම්පරාවන් සඳහා අපගේ පරිසරය සුරැකීමට අප උත්සාහ කරන බැවින් මෙම ගමන අඛණ්ඩව කරගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ” යැයි හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි ප‍්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙලරාජා විල්සන් මහත්මිය මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
 
 අවබෝධතා ගිවිසුම පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා සහ හේමාස් හෝල්ඩින්ග්ස් හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙලරාජා විල්සන් මහත්මිය අතර හුවමාරු කර ගත් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
  

advertistmentadvertistment
advertistmentadvertistment