හේරත් බංග්ලාදේශයට

287

 ශී‍්‍ර ලංකාවේ හිටපු සුපිරි වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායමේ නව දඟ පන්දු උපදේශක ලෙස පත්කර තිබේ. එ් අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ – සිම්බාබ්වේ තරගාවලියේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතව තිබේ.
 
 රංගන හේරත් බංග්ලාදේශයේ දඟපන්දු පුහුණුකරු ලෙස එක්වීමට නියමිත බව මීට පෙර සඳහන් කර තිබුණද එහිදී හේරත් සහ එරට කි‍්‍රකට් ආයතනය අතර පැවැති සාකච්ඡුා කිහිපයකදී එකඟතාවයකට පැමිණීමට නොහැකි විය. කෙසේ වෙතත් මේ වන විට බංග්ලාදේශයේ දඟ පන්දු පුහුණුකරු වශයෙන් හේරත්ගේ සේවය ලබා ගැනීමට එරට කි‍්‍රකට් ආයතනය කැමැත්ත ප‍්‍රකාශ කර තිබේ.
 
 වාර්තා වන අන්දමට එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය දක්වා රංගන හේරත් අදාළ පුහුණුකාර ධුරයේ රාජකාරි කිරීමට නියමිතව තිබේ. ශී‍්‍ර ලංකාවෙන් බිහිවුණු විශිෂ්ඨ වමත් දඟ පන්දු යවන්නකු වන රංගන ජාත්‍යන්තර ටෙස්ට් කඩුලූ 433ක්, එක්දින කඩුලූ 77ක් සහ විස්සයි විස්ස කඩුලූ 18ක් බිඳ හෙළා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment