හේලීස්, ‘‘පියුරිටාස් සත් දියවර ඉදිරියටම’’ යටතේ අඛණ්ඩව හත්වන වසරටත් ග‍්‍රාමීය ප‍්‍රදේශවල අධ්‍යාපනය නංවාලීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙයි

186

ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන හේලීස්, සිය ප‍්‍රමුඛතම සමාජ තිරසාර වැඩසටහන වන ‘‘පියුරිටාස් සත් දියවර ඉදිරියටම’’ යටතේ අඛණ්ඩව හත්වන වසරටත් ග‍්‍රාමීය ප‍්‍රදේශවල අධ්‍යාපනය නංවාලීම සඳහා අවශ්‍ය සහයෝගයක් ලබා දුන්නේය.

නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) බලපෑමට ලක් වූ ග‍්‍රාමීය ප‍්‍රජාවන්ට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා Reverse Osmosis (RO) ජල පිරිපහදු ඒකක පිහිටුවමින් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගොවි ජනතාවට ශක්තියක් වීම සඳහා පියුරිටාස් සත් දියවර’ සමාජ සද්කාරමය වැඩසටහන දියත් කරන ලදී.

මෙමිපියුරිටාස් සත් දියවර’ වැඩසටහන අද වන විට, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකාර කිරීම, ප‍්‍රජාවන්ට ජීවනෝපාය මාර්ගයන් සැලසීම, අංගසම්පූර්ණ පුස්තකාල පිහිටු වීම සහ අන්තර්ජාල පහසුකම් ලබා දීම ආදි තිරසාර ප‍්‍රජා සංවර්ධනයන් සාක්ෂාත් කිරීම සඳහා ව්‍යාප්ත වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment