හොකී තරගයෙන් ආනන්ද නාලන්ද පරදවයි

77

කොළඹ රීඩ් මාවත කෘත්‍රිම ක්‍රීඩාංගණයේදී පවත්වන ලද ආනන්ද සහ නාලන්ද යන දෙවිදුහල් අතර 19 වැනි වාර්ෂික හොකී මහ තරගය ජය ගැනීමට ආනන්ද විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ ගෝල් 05 – 00 ක් ලෙස නාලන්ද විදුහල පරාජය කරමිනි.

මෙවර ජයග්‍රහණය ආනන්ද විදුහල එම්. ඩබ්ලිව්. කරුණානන්ද කුසලාන තහවුරු කර ගත් 07 වැනි වතාව ලෙස සටහන් වුණි.

එහිදී ගෝල රැස් කර ගැනීමට පවිත් බිම්සර, මෙතුශෙල් ප්‍රනාන්දු, සස්මින ගයාන්, නිසුල් මන්දිව් සමත් වූ අතර ආනන්ද විද්‍යාලයීය හොකී කණ්ඩායමේ පුහුණුකරු ලෙස ලුෂාන්ත පෙරේරා කටයුතු කරයි. ආනන්ද විද්‍යාල හොකී කණ්ඩායම පහත පරිදි වේ.

සස්මිණ ගයාන් (නායක), ජනිත් විජය ශ්‍රී (උප නායක), ජනුර පෙරේරා, සෙතුම් සිල්වා, ඔශාන් ඒකනායක, චමත් ගුණසේකර, සංකජ රණතුංග, නිසුල් මන්දිව්, විදුමින සෙනාන්, විහඟ ගුණසේකර, විදුන් මින්දජ, මතීශ කාවින්ද, ඉනුක අල්ගම, දුලංක පෙරේරා, පවිත් බිම්සර, තුලන මහාරච්චි, සෙනිතු ජයසිංහ, නෙත්ම දෙව්මින්ද, මෙතුශෙල් ප්‍රනාන්දු, යුමෙත් අකාශ්. ලුෂාන්ත පෙරේරා (පුහුණුකරු)
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment