හොකී නිලවරණය අද

239

ශ‍්‍රී ලංකා හොකී සම්මේලනයේ වාර්ෂික නිලවරණය අද (02) පෙරවරු 10.00 ට කොළඹ හතේ පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි ක‍්‍රීඩා අමාත්‍යාංශයීය ඩන්කන් වයිට් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට හොකී නිලවරණ කමිටුව තීරණය කර තිබේ.

ඒ බව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ද ඊයේ (01දා) සවස සනාථ කළේය.

මෙවර ශ‍්‍රී ලංකා හොකී සම්මේලන සභාපති ධුරය අපේක්ෂාවෙන් තරගයට ඉදිරිපත් වී සිටින නිලධාරීන් සංඛ්‍යාව සිව් දෙනෙකි.

හොකී නිලවරණය අද
රෝහණ කුමාර දිසානායක මහතා

ඒ හිටපු සභාපතිවරයකු වූ මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහණ කුමාර දිසානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර, හිටපු උප සභාපතිවරයෙකු වූ ආර්. මහේෂ්වරන් මෙන්ම හිටපු උප සභාපතිවරයෙකු වූ පොලිස් අධිකාරී හිටපු ජාත්‍යන්තර ක‍්‍රීඩක දර්ශන විජේසිංහ යන මහත්වරුන්ය.

මෙම තරගකරුවන් අතරේ කමල් පුෂ්පකුමාර මහතා සහ රෝහණ කුමාර දිසානායක මහතා අතර තියුණු තරගයක් පවතිනු ඇතැයි අනුමාන කෙරේ.

දර්ශන විජේසිංහ සහ ආර්. මහේෂ්වරන් මහත්වරුන්ගේ සහයෝගය කමල් පුෂ්පකුමාර මහතා වෙත ලබාදී තිබීම හේතුවෙන් මෙවර සභාපති ධුරය සඳහා වන තරගය ද්වන්ධ සටනක් බවට පරිවර්තනය වී තිබීම කැපී පෙනේ. ඒ අනුව අද පෙරවරුවේ සභාපති ධුරය සඳහා දී තිබූ තම නාම යෝජනා ඉල්ලා අස්කර ගැනීමට ආර්. මහේෂ්වරන් මහතා සහ දර්ශන විජේසිංහ මහතා පියවර ගනු ඇතැයි වාර්තා වේ.

හොකී නිලවරණය අද
කමල් පුෂ්පකුමාර මහතා

අවසන් වරට සභාපති ධුරය හෙබවූ පී. විශ්වනාදන් මහතා සහ ලේකම් ධුරය හෙබවූ විශ‍්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා මෙවර නිලවරණයේදී දෙපසින් තරග කිරීම විශේෂත්වයකි.

සුමිත් එදිරිසිංහ මහතා උප සභාපති ධුරයකට තරග වැද සිටින්නේ රෝහණ දිසානායක මහතාට සහයෝගය දක්වමිනි. කමල් පුෂ්පකුමාර මහතාට සහයෝගය දක්වමින් ලේකම් ධුරය සඳහා පී. විශ්වනාදන් මහතා තරග කිරීම කැපී පෙනේ.

පී. විශ්වනාදන්, ආර්. මහේෂ්වරන්, ටී. බී. බස්නායක සහ තිළිණ කරුණාරත්න යන මහත්වරුන් මෙවර ලේකම් ධුරය සඳහා තරග කරති.

ශ‍්‍රී ලංකා හොකී සම්මේලන ව්‍යවස්ථාවට අනුව සාමාජික සංගම් 16 ක නියෝජිතයන්ගේ විවෘත ඡුන්දයෙන් අද (අගහරුවාදා) 2021 - 2023 නව නිල මඩුල්ල සඳහා නිලධාරීන් පත් කෙරේ.

බණ්ඩාර

මාතලෙන් විරෝධතාවක්…

අද දින (02 වැනිදා) පැවැත්වීමට නියමිත හොකී නිලවරණයට එරෙහිව හිටපු සභාපතිවරයකු සහ මෙවර නිලවරණයේදී සභාපති අපේක්ෂකයෙකු ලෙස තරග කරන මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහණ කුමාර දිසානායක විසින් විරෝධතාවක් ගොනුකර තිබේ. හිටපු සභාපතිවරයාගේ අත්සනින් යුතුව කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් මෙම විරෝධතාව දක්වා තිබේ.

අදාළ ලිපිය උපුටා ගැනීම –

2021.11.20 වන දින පැවැත්වීමට නියමිත හොකී නිලවරණයට එරෙහි විරෝධතාවය ප‍්‍රකාශ කිරීම

උක්ත කරුණට අනුව 2021.11.02 දින පැවැත්වීමට නියමිත හොකී නිලවරණය පැවැත්වීමට ක‍්‍රීඩා පනතට, සංශෝධිත රෙගුලාසි සහ ව්‍යවස්ථාවට පටහැනිව බව මෙයින් දන්වා සිටිමි. අප හොකී සංගම් කිහිපයක් වෙන්වෙන් වශයෙනුත් සමූහ වශයෙනුත් ඉල්ලා ඇති පරිදි පරීක්‍ෂණ වාර්තා අවසන්කොට මෙම නිලවරණය පැවැත්විය යුතු බව මෙයින් අවධාරණය කරමි.

පසුගිය හොකී නිලවරණය කල්දැමීමෙන් පසු පාර්ලිමේන්තුවේදී මා විසින් හැන්සාඞ් ගත කර ඇති පරිදි පැවැති දෝෂ සහ හිටපු නිලධාරීන්ගේ ¥ෂණ සම්බන්ධයෙන් මා සඳහන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් මා වෙත මේ දක්වා ලබාදී නොමැති බවද මෙයින් සඳහන් කරමි.

එසේම, ප‍්‍රාදේශීය හොකී සංගම් කිහිපයක් ලිපිගොනුවලට පමණක් සීමාවී ඇති බවද සඳහන් කරමි. හිටපු පාලනාධිකාරියේ කිසිදු නිලධාරියෙකුට නැවත නිලවරණයක් සඳහා ඉදිරිපත් විය නොහැකි බව ‘‘මෙහෙරාන් කරීම්’’ වාර්තාවට අනුව දන්වා සිටිමි. තවත් හොකී සංගම් කිහිපයක් වාර්ෂික ගිණුම් වාර්තා නිසි පරිදි ඉදිරිපත් කර නොමැත.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ප‍්‍රාදේශීය හොකී සංගම් විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු මේ දක්වා අප වෙත ලබාදී නොමැත. පසුගිය නිලවරණයේදී දෝෂ විමර්ශනය කිරීම පිණිස 2021.04.28 වන දින ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් විමර්ශන කමිටුවක් පත් කර ඇති අතර එකී විමර්ෂන වාර්තාවද මේ දක්වා ඉදිරිපත් කර නොමැත.

කරුණු එසේ හෙයින් 2021.11.02 පැවැත්වෙන හොකී නිලවරණයට මා ඇතුළු මාතලේ හොකී සංගමයේ සම්පූර්ණ විරෝධතාවය මේ සමඟ ප‍්‍රකාශ කරන අතර සියලූ කරුණු නිවැරදිව කර මෙම නිලවරණය ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරන ලෙස මෙයින් ඉල්ලා සිටිමි.

advertistmentadvertistment
advertistmentadvertistment