හොද්දට දමන කරෝල කූරියා වහළෙට නැගලා!

817

මේ දිනවල අප කොයි කාටත් ආර්ථික අමාරුකම් ඇත. ඒ ආර්ථික අමාරුකම් පවා සාපේක්‍ෂය.

නමුත් ලැබෙන ආදායම ජීවත් වීමට මදිය. සමහරු නම් වියදම් වැඩි වෙන්න වැඩි වෙන්න ආදායම ද ඉහළ දමා ගන්නට පෙළඹෙති.

රංග බාස් උන්නැහේද ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට සම්බන්ධ කොන්ත‍්‍රාත්කරුවෙකි. ඔහු ළඟ නිතරම දහයක් පහළොවක් වැඩය.

නුගේගොඩ ප‍්‍රදේශයේ මහල් නිවසක කොන්ත‍්‍රාත්තුවකට අනුව ගෝල බාලයන් හා බාස්ලා දහයක් පහළොවක් නුගේගොඩට ගෙන ගියේ ඉකුත් සතියේ ය.

‘‘දැන් බඩු මිල හරිම වැඩියි. කෑම බීම නාස්ති කරන්න එපා…’’ නුග්ගොඩ වත්තේ වාඩියක් අටවා ගත් රංග බාස් උන්නැහේ ඉවුම් පිහුම් කළ ගෝලයාට කීවේ හැමදේම පරිස්සමින් පාවිච්චි කරන ලෙස කියමිනි.

‘‘හැමදාම කරෝල හොද්දක් හදපන්. මෙන්න කූරියා’’ බාස් උන්නැහේ කූරියා ගෙන ඉවුම් පිහුම් කළ රත්නපාල අත තැබීය.

වැඩ ටික කෙරීගෙන යද්දී… තුන් වේලටම රසම රස කරෝල හොද්දක් ලැබිණි.

‘‘රත්නපාල අයියෙ… යකෝ කරෝල දිය වෙනවද? කෑල්ලක් අහුවුණේම නෑනේ…’’ කටකාර සමන්ත විමසුවේ බැරිම තැනය.

‘‘හොඳට හිටියි. කරෝල කූරියෙක් කීයද?’’

කරෝල හොද්ද විතරක් හදන හැටි සොයන්නට සමන්තට සිත් වූයේ එවිටය.

දවල්ට ආහාර ගෙන ඉවර වූ ඔහු කරෝල හොද්දේ කූරියා සොයා ගන්නට පටන් ගත්තේ ඒ නිසාය.

හොද්දේ සිටි කූරියා වාඩියේ ටකරම උඩය. හොද්දට දමා උයා යළි කූරියා වහළෙ උඩය. එකම කරෝල කූරියා හොද්දට රස එක්කර යළි යළිත් කරෝල වන හැටි දුටු සමන්තට වමනයට ආවේ ඇතිවූ අප්පිරියාවටය.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment