”හොන්ඩා” ශ‍්‍රී ලංකාවේ අතිශය ආදරය දිනාගත් මෝටර්රථ සන්නාමය බවට පත් වේ

306

ගෝලීය COVID-19 වසංගතය අනෙකුත් සෑම කර්මාන්තයකටම මෙන්ම මෝටර් රථ කර්මාන්තයටද දැඩි බලපෑමක් ඇති කර ඇති අතර ඊටත් වඩා, වාහන, යතුරුපැදි සහ ස්කූටර් ආනයනය සඳහා ඇති සීමාවන් හේතුවෙන් ශ‍්‍රී ලංකා මෝටර් රථ වෙළඳපොළ කෙරෙහි දැඩි බලපෑමක් ඇති කර තිබේ.

විදේශ විනිමය සඳහා ඇති ඉල්ලූ‍ම අවම කර ගැනීමේ පියවරක් ලෙස 2020 මාර්තු මාසයේ සිට ශ‍්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තහනම් කෙරිණි. එය තවත් වසර දෙකක් අඛණ්ඩව පවතිනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

මෙම තත්ත්වය හේතුවෙන් මෙරට මෝටර්රථ කර්මාන්තයේ නිරත පිරිසේ ආදායම සියයට 60 ක් පමණ අහිමි වී ඇති අතර පිරිවැය පියවා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇත. මෙම තත්ත්වය ජය ගැනීම සඳහා ස්ටැෆර්ඞ් මෝටර් සමාගම වැනි මෝටර් රථ සමාගම් තම ස්ථාවරයේ සිට අලෙවියෙන් පසු සේවා කෙරෙහි අවධානය යොමු කර ඇත. එහිදී වෙළඳ පොළේ වාහන නඩත්තු කිරීම සඳහා නව නිෂ්පාදන හා සේවාවන් දියත් කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබේ. හොන්ඩා සමාගමේ ශ‍්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන සී/ස ස්ටැෆර්ඞ් මෝටර් පුද්ගලික සමාගම මෑත කාලීනව එහි අලෙවියෙන් පසු සේවා ලබා දීමේ සන්නාමය වන ‘Honda Care’ යටතේ හොන්ඩා වාහන සඳහා තත්ත්ව පරීක්‍ෂා කිරීම්, වත්මන් හොන්ඩා වාහන යාවත්කාලීන කිරීම සඳහා විශේෂ පැකේජ, විශේෂ මිල ගණන් යටතේ තීන්ත ආලේප කිරීම (Full body paint) ආදී සේවාවන් ලබා දෙයි. එමගින් සිය ගනුදෙනුකරුවන්ගේ වර්ථමාන අවශ්‍යතා සපුරාලමින් සමාගම සඳහා නව ආදායම් මාර්ග උත්පාදනය ද සිදු කෙරේ. සී/ස ස්ටැෆර්ඞ් මෝටර් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”පාරිභෝගික තෘප්තිය අපට අතිශයින්ම වැදගත් වන අතර අලෙවියෙන් පසු කෙරෙන සේවාවන් මේ සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. සමාගමක් ලෙස වසංගතය මධ්‍යයේ සහ යම් යම් සීමාවන් තුළ පවා අපගේ ගනුදෙනුකරුවන්ට ඉතා උසස් සේවාවක් අප පවත්වා ගනු ලැබුවා. වර්තමාන තත්ත්වයන් අනුව සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා අපි දැඩි කැපවීමකින් කටයුතු කරනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment