* රට මේ විදිහට ගියොත් ළගදීම පාන් ගෙඩියක් ගන්නත් විල්බැරෝවකින් මුදල් ගෙන යන්න වේවි
* ගොවිබිම් පුරන් කරලා ඒවා විදේශීය බහුජාතික සමාගම්වලට විකුණන්න හදනවා
වත්මන් ආණ්ඩුව රට පත්කොට ඇති තත්ත්වය දුටුවිට අහන්නට ඇත්තේ,”හො`දට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්” යැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
මේ ආණ්ඩුව මුලූ රටම මහා ප්‍රපාතයකට තල්ලූ කොට ඇති අතර පාන් ගෙඩියක් ගන්නට විල්බැරෝවක් පුරවා මුදල් ගෙනියන්නට සිදුවන තත්ත්වයක් ඉතා ඉක්මනින්ම රටේ උද්ගතවනු ඇති බවත් දිනෙන් දින රට ආර්ථික වශයෙන් බංකොළොත් අඩියකට වැටී ඇති බවත් සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
ඉදිරියේදී මුදල් අච්චු ගසන මුද්‍රණාල ආරම්භ කිරීමට ආණ්ඩුව කටයුතු කළොත් එය පුදුමයක් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ තරමටම ආණ්ඩුව අසමත් බවද පැවසීය.
තිස්සමහාරාම සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම ඊයේ (17* විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ, තිස්සමහාරාම සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක ලාල් චන්ද්‍ර මහතා ඇතුලූ පිරිසක් ඊට එක්වූහ. එහිදී විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.
ගොවි ජනතාව ගොවිබිමෙන් ඈත්කොට එම පුරන් ඉඩම් දේශීය විදේශීය බහුජාතික සමාගම්වලට ආණ්ඩුව විසින් ලබා දෙනු ඇති බවත් ඉන් අනතුරුව දේශීය ගොවියාට යළි හිස එසවිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ගොවියාගේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට තීන්දු කළ බවත් වෙනත් කිසිවෙක් එවැන්නක් සිදු නොකළ බවත් සමගි ජනබලවේගය ප්‍රායෝගික සහ සත්‍යවාදී දේශපාලන බලවේගයක් බවත් ඒ මහතා පැවසීය.
රටට පොලී සහ ණය වාරික ගෙවන්නට සිදුව ඇතත්, එවැන්නකට අවශ්‍ය විදෙස් සංචිත රටට නැති බව පැවසූ විපක්ෂ නායකවරයා මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් මීට පෙර අසන්නට ලැබී නැති බවද කීය.
තමන්ට සුරකින්නට නෑදෑ පරපුරක් නැති බව පැවසූ විපක්ෂනායකවරයා තමන්ගේ නෑදෑ පරපුර මේ රටේ සමස්ත ජනතාව බවත් තමන්ගේ දරු පරපුර වන්නේ මේ රටේ සමස්ත දරු පරපුර බවත් ඔවුන්ට කිරුළ පැළැන්දීම තම සිහිනය බවද කීය.
අකිත පෙරේරා