හොඳම තෙල් ටැංකි 14 වසර 50 කට ඉන්දියාවට: හෙළිදරව්ව ඇමැති තහවුරු කරයි

451

ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි 99 න් 14 ක් වසර පනහක කාලයකට ඉන්දීය තෙල් සමාගමට බදු දීමට අවසන් එකඟතාවකට පැමිණි බවට බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශයට පත් කළේය.

මේ කාරණය මුල් වරට ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ මගින් ඉකුත් සතියේ රටට හෙළි කළ අතර ඒ හෙළි කිරීමට අනුව තෙල් ටැංකි 99 න් තෙල් ටැංකි 61 ක් එකතු කර ටි‍්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම ස්ථාපිත කෙරේ.

ස්ථාපිත කරන ටි‍්‍රන්කෝ පෙට්‍රෝලියම් සමාගමෙන් සියයට 51 ක කොටස් ප‍්‍රමාණයක් තෙල් සංස්ථාවටත් ඉතිරි කොටස්වලින් සියයට 49 ක් ඉන්දීය තෙල් සමාගමටත් අයිති වන බව බලශක්ති ඇමැතිවරයා කීය. මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව හා ඉන්දීය රජය අතර තිබූ සාකච්ඡුා අවසන් වී ඇත. මෙම එකඟතාවට අනුව ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි 99 න් 24 ක අයිතිය පමණක් තෙල් සංස්ථාවට හිමිවන අතර, සංස්ථාවේ පාලිත සමාගමකට එහි කටයුතු භාර කිරීමට නියමිතය. ඉන්දීය තෙල් සමාගමට වසර පනහකට ලබාදී තිබෙන තෙල් ටැංකි 14, එහි තිබෙන වටිනාම හා හොඳම ටැංකි යැයි ද සංස්ථාවට ලබාදෙන්නේ අබලන් හා අලූත්වැඩියා කිරීමට අති විශාල මුදලක් වැයවන තෙල් ටැංකි 24 ක් යැයි ද තෙල් වෘත්තීය සමිති කියා සිටියි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment