හොඳම මන්ත්‍රී සම්මානය දොළවත්තට

317

වසරේ හොඳම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට හිමි සම්මානය මෙවර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතාට හිමි වී ඇති බවත් ඔහුට පාර්ලිමේන්තුවේ සුබපැතුම් පිරිනමන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17දා) කීය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින්, මහජන නියෝජිත වගකීම ව්‍යවස්ථාදායකය තුළ නිසි පරිදි ඉටු කරමින්, දක්වන ලද කැපවීම වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමේ. එම සම්මානය වාර්ෂිකව සජබ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පිටපිටම දෙවරක් ලබා ගත් බව ද හෙතෙම සඳහන් කළේය. ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිටික්ස් ආයතනය විසින් එම සම්මානය ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා වෙත මෙවර පිරිනමා ඇතැයි ද ඔහුට පාර්ලිමේන්තුවේ සුබාසිරි පිරිනමන බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කීය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභානායක, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ඔහුට සුබපැතුම් එක් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment