හොඳ නරක සාපේක්‌ෂයි මෙවර අයවැය අභියෝගාත්මකයි… අගමැති කියයි

315

සෑම ආණ්ඩුවක්ම ඉදිරිපත් කරන අයවැය යෝජනා පිරිසකට සුබ වන විට තවත් පිරිසකට අසුබ වන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

ඒ අනුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව මෙවර ඉදිරිපත් කරන 2022 වසර සඳහා වූ අයවැය ද එසේ විය හැකි යැයි අගමැතිවරයා සඳහන් කළේය.

මෙවර ඉදිරිපත් කරන අයවැය මගින් මහජනතාවට ලැබෙන සහන කෙසේ දැයි කියා කළ විමසීමේදී අගමැතිවරයා එසේ පැවසීය.

කොවිඞ් වසංගතය හමුවේ මුළු ලෝකයම බරපතළ ආර්ථික අර්බුදයකට ලක්ව ඇති මොහොතක ආණ්ඩුව 2022 වසර සඳහා ඉදිරිපත් කිරීමට යන අයවැය අභියෝගාත්මක වනු ඇතැයි පැවසූ අගමැතිවරයා හැකි උපරිම අයුරින් ජනතාවට සහන ලබා දෙමින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට උත්සාහ ගන්නා බවද කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment