හොඳ ප්‍රතිචාර නැත්නම් බද්දට එරෙහි වෘත්තීය සටන් දැඩි කරනවා

90

මහ බැංකු සේවකයෝත් බද්දට එරෙහිව

රාජ්‍ය බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් රාජ්‍ය, සංස්ථා, මණ්ඩලවල සේවක සේවිකාවෝ කළු ඇඳුමින් සැරසී ඊයේ (26 දා) සේවයට වාර්තා කළ අතර දහවල් කාලයේදී සේවා ස්ථානයන් ඉදිරිපිටදී උද්ඝෝෂණවල නිරත වූහ. ශ්‍රී ලංකා මහ බැංකු සේවක සේවිකාවන් ද එම බැංකු මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූ අයුරු. ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

පාලකයන් කිසිදු කැපකිරීමක් නොකොට වෘත්තිකයන් තලාපෙළා බදු අයකිරීමට එරෙහිව දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාරයක් නොලදහොත් ඉදිරියේදී වෘත්තීය සංගම් ඒකාබද්ධව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ක්‍රියාත්මක වී ඇති උපයන විට ගෙවීම් බදු ඉහළ නැංවීමට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලු වෘත්තීය සංගම් ඒකාබද්ධව ඊයේ (26) දින විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය. 2022 දෙසැම්බර් දක්වා සේවකයන් විසින් ගෙවන ලද උපයන ගෙවීම් බද්ද 2023 ජනවාරි මස සිට කිහිප ගුණයකින් ඉහළ දැමීම අසාධාරණ බවද එම වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. මහ බැංකු සේවකයන් බදු ගෙවීමට විරුද්ධ නැති බවත් එය සාධාරණ සහ වෘත්තිකයන්ට දැරිය හැකි බද්දක් විය යුතු බවත් ඔවුහු තවදුරටත් ‘දිවයින’ට ප්‍රකාශ කළහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment