හොරකම් කළ කිසිවකුට පැනයෑමට ඉඩ දෙන්නේ නැහැ – උද්ඝෝෂණයට මැදි වූ අනුර කුමාර කියයි

284

මහජනතාවගේ මුදල් මේ රටේ හොරකම් කළ කිසිවකුට පැනයෑමට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිනානායක මහතා පාර්ලිමේන්තුවේ සිට එළියට එන විට උද්ඝෝෂකයන්ට මැදි වූ අවස්්ථාවේදී පොරොන්දුවක් ලබා දුන්නේය.

හොරකම් කළ කිසිවකුට පැනයෑමට ඉඩ දෙන්නේ නැහැ -  උද්ඝෝෂණයට මැදි වූ අනුර කුමාර කියයි

මේ රටේ ජනතාව තරුණයන් ඇතුළු සියලූ දෙනා දුක් විඳින්නෙ ඒ හොරකම් නිසා බවත් ඒ මහතා කියා සිටියේය. ඒ නිසා ජනතාව කරගෙන යන අරගලයට ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබාදෙන බවත් ඒ මහතා කීය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.

‘‘මේ රටේ මහජනයාගේ දේපළ හොරකම් කරපු කිසිම අයකුට නාමයෝජනා දෙන්න එපා කියලා කියනවා. නාමයෝජනා දුන්නත් ඒ වගේ අය පාර්ලිමේන්තුවට එවන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ රටේ ජාතික සම්පත් විකුණන්නෙ, බලාගාර විකුණන්නෙ එමගින් ඒ අයට කොමිස් මුදල් ලැබෙන නිසයි. මේ රාජපක්ෂ පවුල නමින් තිබෙන ඉඩම් ස්ථාන තිස්පහක් තියෙනවා. අපි ඒවා පවරා ගන්නවා. මේ සටන අපි ජීවිත පුරාම කරපු සටනක්. මේ ඔය අය තියපු පියවර නතර කරන්න එපා. පිටරටවලින් මේ රටේ වැඩවලට අය ගෙන්වන්නෙ නෑ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment