හොරගස්කැලේ මළ ගෙදරකට ආ 63න් 57කට කොවිඞ් – ගම්මානය හුදෙකලා කරන්නැයි පීඑච්අයි ලා ඉල්ලති

130

පයාගල හොරගස්කැලේ ග‍්‍රාම නිලධාරී වසමේ අවමංගල්‍යය උත්සවයකට සහභාගී වූ හැට තුන් දෙනකු සඳහා සිදුකළ ක්ෂණික ප‍්‍රතිදේහ ජනක පරීක්ෂණවලදී ඉන් පනස් හතරකට කොවිඞ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග එම ග‍්‍රාම නිලධාරී වසම වහාම හුදකලා කිරීමට කටයුතු කරන ලෙස ජාතික කොවිඞ් කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප‍්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතා ඊයේ (20 වැනිදා) දිවයිනට පැවැසීය.

හදුනාගත් ආසාදිතයන් රෝහල් ගත කිරීමටත් අනෙකුත් ආශ‍්‍රිතයන් නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂවරු ඊයේ කටයුතු කරමින් සිටියහ. කොවිඞ් ආසාදනය නොවූ අනෙකුත් පුද්ගලයින් දසදෙනා කොවිඞ් එන්නත ලබාගෙන සිටි පුද්ගලයින් වීමද විශේෂත්වයකි. මීට අමතරව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයයේ මුල්ලපිටිය ග‍්‍රාම නිලධාරී වසම කොවිඞ් ඉතා ශීඝ‍්‍රයෙන් ව්‍යාප් වන ප‍්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත. පසුගිය දින තුනක කාලයක් තුළ මුල්ලපිටිය ප‍්‍රදේශයෙන් කොවිඞ් ආසාදිතයින් 50කට වැඩි ප‍්‍රමාණයක් හමුවී ඇති අතර ඔවුන්ගෙන් 11දෙනකු එකම පවුලේ සාමාජිකයන්ය. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල, නියෝජ්‍ය අධ්‍යක්ෂ (කේෂ්ත‍්‍ර සේවා) වෛද්‍ය ක‍්‍රිෂාන් හිරිමුතුගොඩ, කොවිඞ් සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී තුෂාර වාස් ගුණවර්ධන, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප‍්‍රාදේශීය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු, බේරුවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ සහ පොතුවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් කුමාර යන මහත්වරු මීට අදාල මෙහෙයුම් කටයුතු සිදුකරති.

විජයසිරි විද්‍යාසේකර කළුතර සමූහ, බේරුවල – චමින්ද ප‍්‍රසාද්

advertistmentadvertistment
advertistmentadvertistment