හොරගොල්ලේ බණ්ඩාරනායක ගුණ සමරුව

237

චන්‍ද්‍රිකා හා සුනේත්‍රාගෙන් පුෂ්පෝපහාර

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 63 වන ගුණානුස්මරණ උත්සවය ඊයේ (26 දා) පෙරවරුවේ නිට්ටඹුව හොරගොල්ල සමාධිය අබියසදී පැවැත්විණි.

හොරගොල්ලේ බණ්ඩාරනායක ගුණ සමරුව

මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආගමික වතාවත්වලින් අනතුරුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය විසින් ප්‍රථමයෙන් බණ්ඩාරනායක සමාධිය වෙත පුෂ්ප උපහාර දැක්වීම සිදු කළහ. අනතුරුව බණ්ඩාරනායක පවුලේ ඥාතීන් විසින් පුෂ්පෝපහාර දැක්වීම සිදු කරනු ලැබූහ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක කරු ජයසූරිය, නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම, කැබිනට් අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් මෙහිදී පුෂ්පෝපහාර දැක්වූහ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ ජනතාව විසින් පුෂ්පෝපහාර දැක්වීම සිදු කළහ.

වේයන්ගොඩ – ඉන්දික, කල්එළිය – චන්ද්‍රවීර වික්‍රමරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment